BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 09, 2018

ගාලු මැයි ‍රැළියේදී ඒකාබද්ධ විපක්ෂයේ ඇතිවූ අර්බුදය උග්‍ර වෙලාද?


වසර තුනක් කැපවූ අය පිඟානේ අයිනට දමයි

ඊයේ දිනයේ පැවති මැයි රැලි අතුරින් වඩාත්ම කතාබහට ලක් වූයේ ඒකාබද්ධ විපක්ෂය විසින්, ගාල්ලේ සමනල ක්‍රීඩාංගනයේ පැවති මැයි රැලියයි.. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම පොදුජන පෙරමුණ නියෝජනය කරන සියළුම දෙනාගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත් වූ සාර්තක මැයි රැළියක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. නමුත් මෙවර තිබුනේ ඒකබද්ධ විපක්ෂයේ අසාර්ථකම මැයි රැළිය බව මේ අවුරුදු තුන තුල ඒ වෙනුවෙන් කැප වූ බොහෝ දෙනා පවසන බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට තිබේ.

2015 පෙබරවාරි 18 නුගේගොඩින් විමල්ලා, වාසුලා, ගම්මන්පිලලා ඇරඹූ බලවේගය බැසිල්ගේ හොර නඩය විසින් ඊයේ තනිකරම හයි ජැක්කර තිබුණි. අවසානයේ මයික් එක ගත් සංජීව එදිරිමාන්න නිතර නිතර බැසිල්ගේත්, කළුතර මාල හොරා වූ රෝහිතගේත් නම් කියවන්නට විය. ක්‍රීඩා පිටිය පුරා සිටි බිම් මට්‍ටමේ මිනිසුන්ද හතර අතේ පලු යන්න බනින්නට විය.



කලුතර රත්තරංගේ සංවිධානාත්මක මරිසිය

මැයි රැලිය ආරම්භයේ සිට සංවිධාන කටයුතු බැසිල්ගේ චක් ගෝලයා වූ රෝහිත සිය අභිමතය පරිදි සිදු කර ඇත. කිසිදු අවස්ථාවක කිසිවෙකුගේවත් අදහසකට කන් නොදුන් ඔහු මම කරන්නේ බැසිල් සර්ට ඕනේ විදියට යයි කියමින් කටයුතු කල බව වාර්තාවේ. රෝහිත අබේගුණවර්ධන නොහොත් මාල හොරා පොදුජන පෙරමුණේ රැස්වීම් සංවිධායක ලෙස කටයුතු කරන බව වාර්තාවේ. පක්ෂයේ සියළු රැස්වීම් ඔහුට අයත් “Royal Events” ආයතනයෙන් සිදු කර, හැම රැස්වීමකින්ම ලක්ෂ ගණනක් තම සාක්කුවට ඔබා ගන්න බව පාක්ෂිකයන් අතර නොරහසක් බවත් වාර්තාවේ. පක්ෂ රැස්වීම් ඇතුළු අනෙකුත් සංවිධාන කටයුතු වලදී බැසිල් සහ රෝහිත පාර්ලිමේන්‍තු මන්ත්‍රීවරුන්ගේ පුකට පයින් ගසා දමා, අලුතින් පත්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කර ඇති බව පොහොට්ටුවේ ප්‍රභලයෙකු ඊ නිවුස් අප සමග පැවසීය.

මහින්දානන්දටත් ටොපියක් සෙට් වෙයි

ගෝල්ෆේස් රැලියේදී සෙනඟ ගෙන්වීමේ කමිටුවේ ප්‍රධානියා මහින්දානන්දය. නමුත් ඔහු කිසිදු සංවිධාන රැස්වීමක සිටිනු මෙවර ඡායාරූපවල නොතිබුනි. මහින්දනන්දව කපා දමා තිබුනේ බැසිල්ගේ උවමනාවට බව වාර්තාවේ. වෙනදා රැලියට ප්‍රථම දින රාත්‍රී එතැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ දෙනා පැමිණෙති, සංවිධාන කටයුතු පිලිබඳ නිරීක්ෂණය කරති. නමුත් මෙවර පැමිණ තිබුනේ බැසිලුත්, රෝහිතත්, නාමලුත්, චානකත් පමණි. නාමල් සහ චානකට මෙම පල නොකියා පලා බෙදන අකාරය වැටහී තිබුණු නමුත් ඉන්න කීප දෙනා සමඟ සෙල්ෆි කීපයක් ගසා වල්පල් කතා කර හෙමින් මාරු වී ගොස් ඇති බව සැලවේ.

අන්තිමේ බැසිලුත් බැසිල්ගේ චක් ගෝලයා වන කළුතර මාල හොරාත් පමණක් රාත්‍රිය පුරා මේ කටයුතු සොයා බලනු ලැබ තිබේ. ගාලු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන මොහාන් සිල්වා පවා එදින රාත්‍රියේ එතනට පැමිණ නැත. ගීතා කුමාරසිංහද පැමිණ නැත. රමේෂ් පතිරණ පැමිණියත් වැඩි වෙලා නොසිටම යන්නට ගොස් තිබේ. මෙලෙස කියන්නේ අප නොව. පොහොට්ටු ප්‍රභාලයන් මෙන්ම ස්වේච්චාවෙන් සංවිධාන කටයුතු වලට උරදුන් මිනිසුන්ය.

මැයි රැළිය දවසේද තත්වයද එසේමය. බැසිල් වාදී නොවන සියළු ප්‍රභල කථිකයන් කථික ලැයිස්තුවෙන් කපා දමා ඇත. කාන්තා නායකත්වය උදෙසා කතා ලබාදී නොතිබුණු අතර පවිත්‍රා සහ ගීතා යන දෙදෙනාම කපා දමා තිබේ. මහින්දානන්ද අලුත්ගමගේට කතාවක් ලබාදීමට පක්ෂ සාමාජිකයන් බලකර සිටියත් එය ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ගාලු දිස්ත්‍රික්කය වෙනුවෙන් මොහාන් සිල්වාට කතාවක් ලබා නොදීමද ගාලු ජනතාව විසින් විවේචනය කර ඇත.

එලෙසම නුගේගොඩ වේදිකාවේ සිටම මහින්ද වෙනුවෙන් ජන සටනට පණ පෙවූ ප්‍රසන්න රණතුංගටද කථාවක් ලබාදීම පතික්ෂේප කර ඇත්තේ ඉහලින් නියෝගයක් පැමිණියා කියාය. මේ අනුව බැසිල් හොරාද, බැසිල්ගේ ගෝලයා වූ රෝහිත නම් කළුතර මාල හොරාද, වසර තුනක මහින්ද රාජපක්ශවාදී බලවේගය ඊයේ හයිජැක් කරන්නට දරන උත්සාහය ඊයේ අමු අමුවේ එළියට පැමිණ ඇත. කලක පටන් බැසිල් විසින් හීන දකින ජනාධිපති පුටුවට පිවිසීම සඳහා මෙලෙස පොහොට්ටුව හයිජැක් කිරීම ඉතාමත් නින්දිත බව පොහොට්ටු පාක්ෂිකයන් තැන තැන කතාවන බව අපට වාර්තාවේ.

වීරවංශට විනාඩි දහයයි

විශේෂයෙන්ම විනාඩි විසි පහක් සෑම වේදිකාවේම කතා කරන විමල් වීරවංශ ඊයේ කතා කර ඇත්තේ විනාඩි දහයක් පමණි. එය බැසිල්ගේ විමල් භීතිකාව ඉතාමත් හොඳින් පෙනුණු අවස්ථාවක් විය. මුලදී විමල්ට කතාවක් නොදීමට තීරණය කර සිටියත්, පක්ෂයේ බහුතරයකගේ විරෝධතාවයක් එල්ලවේ යයි බියෙන් ඔහුට ඉතාමත් කෙටි කාලයක් කතාවට ලබාදීමට සංවිධායකයන් කටයුතු කර ඇත. වෙනදා විමල්ගෙන් කෙරෙන ආවේගාත්මක කතාව ඊයේ තිබී නැත. එය නිකම්ම නිකම් කතාවකි. ඒ විතරක් නොව පක්ෂයේ නායක නායක මහින්ද රාජපක්ෂ කතා කරන්නටත් ප්‍රථම විමල් මැයි රැළියෙන් පිටව ගියේය. ඒ තම නිහඬ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට බැව් වටහා ගැන්මට අටුවා ටිකා අවශ්‍ය නැත. විමල් සමඟ මහින්දානන්දත්, තේනුක විදානගමගේත් පිටත් වී ඇත. ඒ සමඟම නාමල්, චානක, කනක, තාරක, නිරෝශන්, වැනි තරුණ මන්ත්‍රීවරුන් පිටත් වූ බව වාර්තාවේ. අනතුරුව ගම්මන්පිල ඇතුළු තවත් බොහෝ මන්ත්‍රීවරුන් පිටත්ව ගෙස් ඇත. මැයි රැලිය අවසන් වී මහින්ද රාජපක්ෂ පිටව යද්දී බැසිලුත් රෝහිතත් අබේගුණවර්ධන පමණක් තනිවී සිටිනු දක්නට ලැබිණ.

අද උදෑසන ලියුම් කරු ඒකාබද්ධ විපක්ෂයේ කීප දෙනෙකුගෙන් මේ සම්භන්දයෙන් අදහස් විමසන ලදී. බැසිල් රෝහිත දෙදෙනා පමණක් මේ ගැන කිසිදු වරදක් නොකී අතර, මැයි දිනයේ සාර්තකත්වය ගැන ආඩම්භරයෙන් අදහස් දක්වන ලදී. අනෙක් සියළු දෙනා අම්මා මෝ නැතිව බැසිල්ටත්, රෝහිත අබේගුනවර්ධනටත් බැන වැදීමක් පමණක් කළ බව වගකීමෙන් සටහන් තබමි. එයින් “තවම නම දාන්න එපා..” යැයි සඳහන් කල ඉතා තරුණ වගේම ප්‍රභල මන්ත්‍රීවරයෙක් කියූ කතාවකින් මේ සටහන අවසන් කරන්නට අදහස් කරමි.

“අපි මේ බලවේගය ගෙනාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයත් උගසට තියලා.. හැබැයි බැසිලාට ඒක හයි ජැක් කරලා රෝහිත අගමැති වෙන්න හදනවානම්, අපිට මේ ජන බලවේගය අනිත් පැත්ත හරවන්න යන්නෙ දවසයි. මොකද උන් දෙන්නම කම්බ හොරු කියන්න නොදන්න මොන්‍ටිසෝරි බබෙක්වත් මේ රටේ නෑ.. අපි ජනවාරි 8 පැරදුන වැරැද්දම කරේ තියන් යනවානම් ඊට හොඳයි දේශපාලනෙන් සමු අරන් ගෙදර ඉන්න එක. මේ යන්නෙ බැසිල්ගේ ඩීල් එක. අපිව දෙකඩ කරලා රනිල්ව දිනවන ගමනක්. මොකද බැසිල් බලාගෙන ඉන්නේ ජනාධිපති පුටුව. මිනිහා මහින්දව පෝරකේට යවල හරි ඒ වැඩේ කර ගන්න උත්සහ කරනවා. මොකද රනිල් එක්ක එකතුවෙලා ගෝටා ඇතුලට දාන්න මෙයා ලොකු ට්‍රයි එකක් දෙනවා කියල පොලිස්පතිගේ කටින්ම එලියට ආපු එකේ තවත් මොන කතාද. අපි බලමු මොකද වෙන්නේ කියල. මොකද අපි මේ ඉන්නේ පුද්ගල චරිතයක් වටේ නෙමෙයි. අපි ඉන්නේ පොහොට්ටුව වෙනුවෙන්. රට වෙනුවෙන්. එක එකාගේ ඕනේ එපාකම් වෙනුවෙන් අපේ සටන පාවිච්චි කරනවා නම්,. අපි උන්ට විරුද්ධව අපේ ආයුධ උස්සන්න පසුබට වෙන්නේ නෑ……..”
« PREV
NEXT »