BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 09, 2018

විපක්‍ෂය දැන් වඩාත් ශක්‌තිමත් - මහින්ද කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ඇමැතිවරු 16 දෙනා විපක්‍ෂයට සම්බන්ධ වීමෙන් පසු ආණ්‌ඩු විරෝධී බලවේගය තවත් ශක්‌තිමත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (8 දා) පැවසීය.

ආණ්‌ඩුවේ තත්ත්වය රටේ ජනතාවට දැන් හොඳින් අවබෝධ වී තිබෙන බවත් ඔවුන්ගේ සහයෝගයද විපක්‍ෂයට නොඅඩුව ලැබෙන බවත් කී හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධයේ මැයි රැලියට සහභාගි වූ ජනතාව ඊට නිදසුනක්‌ යෑයිද කීවේය.

ජනතාව අද අසරණ වී ඇති අතර හැකි නම් මහ මැතිවරණයකට මුහුණ දෙන ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා ජනතාව බදු බරෙන් නිදහස්‌ කරන ලෙසත් දිනෙන් දින ඉහළ දමන භාණ්‌ඩ මිල නිසා ජනතාව තව තවත් අසරණ වෙන බවත් කියා සිටියේය.
« PREV
NEXT »