BREAKING NEWS
latest

728x90

468x60

Friday, May 11, 2018

දැව සභාපති ඉඳගන්නත් පෙර පුටුව අහිමි වෙයි

දැව සංස්ථාවේ සභාපති ලෙස පත්කළ අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම අවලංගු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

ඉකුත් 05දා ඔහු රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා අතින් පත්වීමේ ලිපිය ලබා ගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී ඔහු මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් තරුණයෙකු ජපානයට ගෙනයාමට උත්සාහ කර එරට ගුවන්තොටුපොළ්දී ම අත්අඩංගුවට පත්වූ අතර පසුව විමුක්ති පෙරමුණ විසින් ඔහුව මන්ත්‍රී ධුරයෙනුත් පක්ෂ සාමාජිකත්වයෙනුත් නෙරපා දමනු ලැබිය.

2017 වසරේ ජුලි 15වනදාද අනුරුද්ධ පොල්ගම්පල මහතා මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබිය. ඒ පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 75ක් මුදලක් වංචා කිරීමේ චෝදනා මතය. 

කළු ගල් වැඩපොළක් පවත්වාගෙන යාමට යැයි පවසා එක් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35ක් ලබාගෙන ඇති අතර එම මුදලින් ලබාගත් යන්ත්‍ර පෙන්වා තවත් අයෙකු සමග ලක්ෂ 40ක කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කර ඔහු එම දෙදෙනාටම අදාළ මුදල් වංචා කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුනෙන් නෙරපීමෙන් පසුව ඔහු ජාතික නිදහස් පෙරමුණ පෙරමුණ හා එක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වූයේ ඉන් පසුවය.
« PREV
NEXT »