BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, May 23, 2018

ශ්‍රීලනිප ලේකම් ධුරයට එස්‌. බී. ගේ නම යෝජනා වේ | S. B. Dissanayake

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ යෝජිත තාවකාලික නිලධාරි මණ්‌ඩලයට පත් කරන පක්‌ෂ මහ ලේකම් ලෙස හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතාගේ නම යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

එස්‌. බී. දිසානායක මන්ත්‍රීවරයා ඉදිරි දිනවලදී පක්‌ෂ මූලස්‌ථානයේ නිලධාරීන් මුණගැසීමට සූදානමින් සිටින බවද පැවසේ.

හෙතෙම මීට පෙරද පක්‌ෂයේ මහ ලේකම් ලෙස පත්ව සිටි අතර වර්තමානයේදී ද පක්‌ෂයේ තනතුරු දරයි.

කෙසේ නමුත් නිලධාරීන් පත් කිරීමේ අවසන් තීරණය පක්‌ෂ නායක ලෙස ජනපතිවරයා විසින් ගනු ලබන අතර, එය ලබන 03 වැනිදා වනවිට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

« PREV
NEXT »