ගාලු උරුමය පදනම යටතේ ගාලු කොටුවේ පවතින රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන 14ක් වෙනත් ස්ථානයකට ගෙන යෑම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජුනි මස 24 දින සවස ගාල්ල සමුද්‍ර කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.
එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගි වී සිටියහ.