BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, June 27, 2018

සහන පොලි ණය ව්‍යාපෘතියක් කරලියට - පොලිය ගෙවන්නෙ ආණ්ඩුවෙන්

නව ආර්ථිකයේ එන්ජිම බවට පත්කරගන්නේ අපේ රටේ සිටින දක්ෂ ව්‍යවසායකයන් වන බැවින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඊළඟ වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් අලුතින් බිහිකර ගැනීමට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” සහන පොලී ණය ව්‍යාපෘතියේ ප්‍රධානම අපේක්ෂාවයි. එසේම දැනටමත් ව්‍යවසායකයන්ව සිටින පිරිස් තවතවත් දිරිමත් කිරීම ද මෙහි තවත් අරමුණකි.

අංශ ගණනාවක්

ගොවි ජනතාවට, ධීවර කර්මාන්තයට, පශු සම්පත් නිෂ්පාදකයින්ට, ගෙවතු වගාකරුවන්ට, අත්කම් ඇඟලුම් නිෂ්පාදකයන්ට සහ සංචාරක ක්ෂේත්‍රයේ යෙදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන 750 ක් දක්වා ණය ලබාදෙන වැඩසටහන් ‍පහළොවකට වඩා මෙතුළින් ක්‍රියාත්මක වෙනවා.

තරුණ පෙළට

සෑම වසරකදීම විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙන්නේ විසිපන්දාහක් පමණ සිසු ප්‍රමාණයක් වුවත් තවත් ලක්ෂ ගාණක් විශ්වවිද්‍යාල වරම නොලැබී විවිධ දක්ෂතාවයන් හැකියාවන් සහිතව ජීවිතය පිළිබඳ සිහින දකිමින් සිටිති. ඒ තරුණ තරුණියන්ගේ ව්‍යවසායක සිහින සඵල කර ගැනීමට අතහිතදීම මෙම වැඩපිළිවෙළේ සුවිශේෂී ඉලක්කයකි.

රජයෙන් පොලී විශාල ප්‍රමාණයක්

මෙම වැඩපිළිවෙළ හරහා ලබාදෙන ණයවල පොලියෙන් විශාල ප්‍රමාණයක් රජය විසින් ගෙවන බවත් ඒ සඳහා 2018 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන පහකට වඩා වෙන්කර ඇත.

ඕනෑම ව්‍යාපාරයකට ඉදිරිපත් වෙන කාන්තාවන්ට රජය විසින් ලබාදෙන ණය සහනයට තවත් 10% ක් එකතු කොට ලබාදීමත් හමුදාවේ ආබාධිත අය ඇතුළු අනෙක් ආබාධිතව සිටින ජනතාවටත් මේ ණය ක්‍රමය යටතේ තවත් 10% ක වැඩි පොලී සහනයක් ලබාදීමත් මේ වැඩසටහනින් සිදුවෙයි.

සෑම රාජ්‍ය බැංකුවකම ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ කවුන්ටරයක්

ණය ලබාගැනීමේ පහසුව සලකා ඇපකරුවන් නොමැතිව තමාගේ ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් එම කටයුත්ත කරගැනීමේ පහසුව සලසා ඇත. ඒ සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සතු ලංකාවේ සෑම ශාඛාවකම ජූලි මාසයේ පළවෙනිදා සිට ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ නමින් අලුත් කවුන්ටරයක් නිර්මාණය කර ඇත.
« PREV
NEXT »