BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, June 13, 2018

මරික්කාර් 20ට එරෙහි වෙයි

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිණිස 20 වන සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන්නේ ඔවුන් මේ වන විටත් පැටලී සිටින උගුලකින් බේරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, කොළොන්නාව කොටිකාවත්ත ප්‍රදේශයේ සංවර්ධනය වන මාර්ග කිහිපයක් නිරීක්ෂණයට කිරීමට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"20 වෙනි සංශෝධනයට මං පෞද්ගලිකවම විරුද්ධයි. මොක ද හේතුව අපි දැක්කා පසුගිය කාලේ විශ්වාස භංගයේදී, එය ජයග්‍රහණය කිරීම සදහා විවිධ දේශපාලන පක්ෂ වලට පොරොන්දු ලබා දුන්නා බලය රැක ගැනීම සදහා. අනාගතේ ලංකාවේ නිර්මාණය වෙන්න තියෙන්නෙත් ද්වි පාර්ශවික දේශපාලන ක්‍රමයක් නෙමෙයි. බහු පාර්ශවීය දේශපාලන ක්‍රමයක්. ඒක තුළ කාටවත් බහුතරයක් නොලැබෙන වේලාවක විධායක ජනාධිපතිධූරය නැත්නම් උතුරේ ද්‍රවිඩ පක්ෂවල ඡන්දය අරගෙන ආණ්ඩු පිහිටුවන්න නොයෙක් පොරොන්දු දෙන්න පුළුවන්. ඒ නිසා මං පිරිසිදු ශ්‍රී ලාංකිකයෙක් හා පිරිසිදු දේශපාලනඥයෙක් ලෙස විධායක ජනාධිපතිධුරය අහෝසි කරන එකට විරුද්ධයි.

අනෙක් එකට ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිතධූරය අහෝසි කරන්න ගේන්නේ ඒ අය පැටලිලා ඉන්න උගුලෙන් බේරෙන්නයි. මොකද හේතුව, ඊළග ජනාධිපතිවරණය ඉවර වුන ගමන් මහ මැතිවරණයක් වෙනවා. ඒකෙ දී දිනන කට්ටිය රැල්ලට දිනනවා. පරදින අයත් රැල්ලට පරදිනවා. ජනතා විමුක්ති පෙරමුණට මේ පාරටත් පොදු අපේක්ෂකයෙක්ට සහය දෙන්න බැරි වාතාරවණයක් රට ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂයේ අපේක්ෂකයෙක් දැම්මත් ඡන්ද ලක්ෂයකට වඩා ගන්නේ නෑ. ඒ නිසා ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීකම් 06 , 01 ට අඩු වෙනවා" යැයි පැවසීය.
« PREV
NEXT »