BREAKING NEWS
latest

728x90

468x60

Monday, June 04, 2018

මැදමුලනට යන්න මහින්දට හෙලිකොප්ටර් දුන්නේ කවුදැයි හෙළිනොකිරීම ලක්‍ෂ 62ක ජනතාවට පිටුපෑමක් - මෛත්‍රි ගුණරත්න

මැයි මස 30 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි වූ උත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ උදවියට මැදමුලන නිවෙසට යෑමට රජයේ හෙලිකොප්ටර් දෙකක් ලබාදීමට ගුවන් හමුදාවට නියෝග කළේ කවුදැයි එතුමා රටේ ජනතාවට හෙළි කර නැතැයි එය මේ රටේ 62 ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වූ එතුමා ජනතා යුතුකම් පැහැර හැරීමක් ලෙස තමා දකින්නේ යැයි එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න ප්‍රකාශ කළේය.


20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව ඉදිරියේ රට මුහුණ දෙන අභියෝග පිළිබඳ රාජගිරිය වැලිකඩවත්තේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ගුණරත්න මහතා එසේ පැවැසීය.

මෙහිදී මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද කීය.

මේ පිළිබඳ අපිට ජනාධිපතිවරයා සමඟ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙත් මෙම නියෝගය ගුවන් හමුදාපතිවරයාට ලබාදුන් තැනැත්තා පිළිබඳව රටේ ජනතාවට දැනගැනීමට සැලැස්විය යුතුයි.

ඒ වගේම ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමඟ රටේ රාජ්‍ය බැංකුවල තිබෙන සෑම මුදලක්ම පෞද්ගලික බැංකුවලට හැරවීමටත් නියෝගයක් එදා ලබාදී තිබූ බව පෙන්වා දුන් ගුණරත්න මහතා ජනාධිපතිවරයා ඒ හෙළිදරව්ව කළේ රවි කරුණානායක මහතා අසල සිටිද්දී බවද අවධාරණය කළේය.
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේගේ නාමයෙන් යහපාලන ආණ්ඩුව යටතේ සිදු කළ සෑම අකටයුත්තක්ම ජනතාවට හෙළි කරන ලෙස තමා ඉල්ලා සිටින බවත් සෝභිත නාහිමියෝ මේ සියල්ල දෙවි කෙනෙක් ලෙස බලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණද. එම යෝජනාවට එරෙහිව අප පක්ෂය කටයුතු කරගෙන යන බවද ඔහු පැවැසීය.

මාධ්‍යවේදියකු නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු කොළඹ සිට 68 වතාවක් දෙණියායට ගොස් තිබෙන බවද එය නිවැදිනම් එය එළිය ට දැම්මේ අගමැතිවරයා දැනුවත්ව පක්ෂයේ ඇතුලාන්තයෙන් වියයුතු බවද සඳහන් කළේය.

ඒ සඳහා වැය කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මුදල් නොව බදු ගෙවන ජනතාවගේ මුදල් බවද ගුණරත්න මහතා කියා සිටියේය.
අරුණලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාජසුන්දරම්
ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි කියැවෙන යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මේ යෝජනාව, කකුලේ තිබෙන තුවාලයට ඔළුගෙඩියට බෙහෙත් බඳිනවා වගේ වැඩක්.

එක්සත් ජාතික නිදහස් මුස්ලිම් කවයේ ජාතික සංවිධායක තුවාන් කිචිලාන්
වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ඩොලරය රුපියල් 159.85ක් වී තිබෙනවා. රටේ ජනතාව කර කියා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටිනවා. වතුකරයේ ජනතාවට භූමිතෙල් ටික අත්‍යවශ්‍ය භාණ්ඩයක්. නමුත් ඒ සඳහා කිසිම සහනයක් ලබාදීමට මේ රජය පියවර ගෙන නැහැ.
« PREV
NEXT »