Advertisements

Loading...

Gossip

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර තිබේ.

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී රැස්වූ අතර එහිදී මෙම නව නිලධාරී මණ්ඩලය පත් කර ගැණුනු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි තෝරාපත් කරගෙන තිබේ.


නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් පක්ෂ උපදේශක මණ්ඩලය ලෙස තෝරා පත් කරගෙන ඇති අතර ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අග්‍රමාත්‍ය දිමු.ජයරත්න යන මහත්ම මහත්මීන් උපදේශ මණ්ඩලයට අයත් වෙයි.

පක්ෂයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත්කරගෙන තිබේ.

ජාතික සංවිධායකවරයා ලෙස දුමින්ද දිසානායක අමාත්‍යවරයාත් භාණ්ඩාගාරික ලෙස එස්.බී.දිසානායක මන්ත්‍රීවරයාත් පත්කර ගැණුනු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජ්‍යේෂ්ඨ උප සභාපතිවරුන් සිව් දෙනෙකු තෝරාපත් කරගෙන ඇති අතර නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශනා යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඒ අතරට අයත්.

උප සභාපතිවරුන් ලෙස ඒ.එච්.එම්.ෆවුසි, ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණි ද සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ශාන් විජේලාල් ද සිල්වා සහ අංගජන් රාමනාධන් යන මහත්වරුන් පත්කරගෙන තිබේ.

උප ලේකම්වරුන් ලෙස රංජිත් සියඹලාපිටිය, සරත් ඒකනායක, ධර්මසිරි දසනායක, ඉසුර දේවප්‍රිය, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ සුමේධා ජී.ජයසේන යන මහත්ම මහත්මීන් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා හිටපු අගමැති අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපදේශක කමිටුවට පත් කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවති ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී මෙම පත් කිරීම් සිදු කර තිබේ.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Advertisements

Loading...

GALLERY