Sunday, June 10, 2018
Home
Mangala Samaraweera
මෙතරම් මඩ ගහද්දිත් ‘සිරස’ නාලිකාව හොදට දුවනවා - මටත් කොටළුවා කිවුව - ඒත් කිලී මහත්තයයි මමයි හොද යාළුවො - මට මල් පොකුරකුත් එවල තිබුන
මෙතරම් මඩ ගහද්දිත් ‘සිරස’ නාලිකාව හොදට දුවනවා - මටත් කොටළුවා කිවුව - ඒත් කිලී මහත්තයයි මමයි හොද යාළුවො - මට මල් පොකුරකුත් එවල තිබුන
-
Sunday, June 10, 2018
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉලක්ක කර දැඩි විවේචන එල්ල කරද්දී සිරස රූපවාහිනිය කිසිදු බාධාවකින් තොරව විකාශණ කටයුතු සිදු කරමින් ඇති බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.
එම නාලිකාව විසින් තමනට කොටළුවා කියුවද තමන් එජාප උප සභාපති වූ දිනයේ සුබ පැතු බවද ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ටී.එන්.එල්. නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය සීල් තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ එය දේශපාලන තීන්දුවක් නොවන බවයි.