BREAKING NEWS
latest

728x90

468x60

Sunday, June 10, 2018

වැඩි කතා නවතා රස්සාව හරියට කරන්නැයි ජනාධිපති ගෙදරටම පූජිත් කැදවා හොදට අමතයි

පුද්ගලික න්‍යාය පත්‍ර අතහැර තනතුරේ වගකීම් හරියට ඉටු කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ලෙස දොස් පවරා ඇත.

ජනාධිපති නිල නිවසට පොලිස්පත්වරයා කැදවා ජනාධිපතිවරයා විසින් මෙසේ දැඩිව දොස් පවරා ඇති අතර ඒ අවස්ථාවේදී අගමැතිවරයා ඇතුළු එජාප ඇමතිවරුන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇත.

මෑත කාලයේදී වැඩිවී ඇති අපරාධ රැල්ල, මංකොල්ල, පාතාල කටයුතු, පැහැර ගැනීම් ඉහල යාම ගැන සෘජුව වගකිව යුත්තේ පොලිස්පතිවරයා යයි ජනාධිපතිවරයා දැඩිව සදහන් කර තිබේ.

තම රාජකාරිය කුමක්දැයි නිසි ලෙස අවබෝධ කරගෙන නීතිය සාමය පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසත් වැඩි කතාව නවතා වඩා පොලිස්පති ධුරයේ රාජකාරිය නිසි ලෙස කර පෙන්වන ලෙසත් ජනාධිපතිවරයා අවවාද කර ඇත.
« PREV
NEXT »