BREAKING NEWS
latest

728x90

468x60

Friday, June 01, 2018

විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු වන ගෝඨාභයට ආණ්ඩුව බය වෙලා

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අල්ලස් ගත් බවට නැඟෙන චෝදනා නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පාරේ බැහැලා යන්නට බැරි තත්ත්වයක් උදා වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේය.

ඔහු එම අදහස් පළකළේ පසුගියදා (30දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.
එහිදී ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මේ චෝදනා නිසා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමට අපට සිදුවී තිබෙනවා. බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ දුරකථන සංවාද කළ, මුදල් ලබා ගත් අය කෝප් කමිටුවට පත් කරන්නට එපා කියලා කථානායකතුමාගෙන් ඉල්ලා සිටියා. ඔහු එය තමන්ගේ වගකීමක් නොවන බව කියනවා. ඒත් ආණ්ඩුව විසින් නම් කරන අය පත් නොකර සිටීමේ බලයක් ඔහුට තිබෙනවා.

පළාත් සභා මැතිවරණයට සංශෝධන ගෙනාවා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබුණත් සාකච්ඡාවට ගන්නේ නැහැ. අගමැතිවරයා මීට පෙර පොරොන්දු වුණා මාර්තු 31ට පෙර ඒක පවත්වනවා කියලා. ඒත් කථානායකතුමා විමසන විට ඔහුට උත්තර නැහැ. මේ විදියට පාර්ලිමේන්තුවේ වගකීම, ගෞරවය, වටිනාකම විනාශ කොට තිබෙනවා.

මෙරට පාර්ලිමේන්තුවේ කවදාවත් මෙහෙම වුණේ නැහැ. වරප්‍රසාද, විමධ්‍යගත අරමුදල් එක සමානව ලැබුණා. වාහන බලපත්‍ර සියලු දෙනාටම දුන්නා. ඒත් අද උතුරු පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට පමණයි බලපත්‍ර දී තිබෙන්නේ. අනිත් පළාත්වල පළාත් සභා මන්ත්‍රිවරුන්ට ඒවා දීලා නැහැ.

මේ ආකාරයට ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රටත්, පාර්ලිමේන්තුවත් හෑල්ලුවට ලක්වෙලා. පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න කථානායකවරයාට හැකිවී නැහැ.
මේ ආණ්ඩුව විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු වන ගෝඨාභය රාජපක්ෂට බය වෙලා. එම ගෝඨා බයෙන්ම මේ ආණ්ඩුව මිය යනවා.

ඒකාබද්ධ විපක්ෂයට පක්ෂ නායක රැස්වීමේ නියෝජනය 2-3 දක්වා වැඩි කර දෙන ලෙසත් කෝප් කමිටුවේ සාමාජිකත්වය වැඩිකර දෙන ලෙසත් අපි කථානායකතුමාගෙන් ඉල්ලුවා. මන්ත්‍රිවරු 6ක් ඉන්න ජවිපෙට පක්ෂ නායක රැස්වීමේදී එක නියෝජනයක් තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ 15 දෙනාට නියෝජිතයන් 3ක් සිටිනවා.

මන්ත්‍රිවරු 53ට අපට දී තිබෙන්නේ එක් නියෝජනයක් පමණයි. 2004දී ජනතා විමුක්ති පෙරමුණ සන්ධානයෙන් ඉවත්වූ පසුව වෙනම නියෝජනයක් ඔවුන්ට දුන්නා. ඒ පූර්වාදර්ශය අද භාවිත කරන්නෙ නැහැ.

කවුරු අල්ලස් ගත්තත් වැරැදියි. ඒ අය අපි ගාවට අරගෙන නැහැ. පිරිසක් විපක්ෂයට ඇවිත් සිටිනවා. ඒත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ නැහැ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අපේ පක්ෂයේ අයකු වුවත් මුදල් අරගෙන තිබෙනවා කියලා තහවුරු වුණොත් අස් කරනවා. අපට ඒ අය ගන්න බැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්

විශාල ලෙස ව්‍යාප්ත වී තිබෙන දූෂණය නිසා මේ රටට ආයෝජන ලබා ගැනීමට නොහැකි වී ඇති බව අල්ලස් කොමිසමේ සභාපති නෙවිල් ගුරුගේ මහතා ප්‍රකාශ කොට තිබෙනවා. මහ බැංකු මගඩිය ආසියාවේම විශාල දූෂණයයි. මේ නිසා විශාල ගැටලු රට තුළ ඇතිවෙලා. බදු බර වැඩි වෙලා. 2014 තිබූ රුපියල් මිලියන එකක බදු බර දැන් ටි්‍රලියන 2 දක්වා එනම් 100%කින් වැඩිවෙලා.

ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන විදියට ලංකාවේ දරුවකු වසරකට බොන්නේ කිරි ලීටර් 36යි. ඒත් ඉන්දියාවේ 128ක් දෙනවා. පින්ලන්තයේ 360ක් දෙනවා. ලංකාවේ කිරි කර්මාන්තය අඩාල වෙලා. පෝෂණ තත්ත්වයට එය බලපා තිබෙනවා.

දෙනගම ධම්මික රණවීර
« PREV
NEXT »