නකල්ස් කදු පන්ති ආශ්‍රිතව කිසිදු පරිසර හානියක් සිදුවන්නේ නැහැ. ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකර බවට සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අඑවිහාරේ පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ ඊයේ (17) අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා ප්‍රකාශ කලේ නකල්ස් කදු පන්ති ආස්ශ්‍රිතව පරිසර හානියක් සිදුවනවා කියන කතා සම්පුර්ණ බොරුවක්. මේ හදන්නේ දේශපාලන වාසි ලබාගන්න.
ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරනවා. වතුකරයේ සිටින කම්කරු ජනතාවට නිවාස සෑදිමට අප රජයෙන් පර්චස් 07 ක ඉඩම් කොටසක් ලබාදෙනවා. ඒ ඒ කොට්ඨාශවල වතු ආශ්‍රිතව තමයි එම ඉඩම් ලබාදෙන්නේ.
නකල්ස් කදු පන්තිය ඒ කොට්ඨාශ වලට අහුවන්නේ නැහැ. මේක සම්පුර්ණ බොරු ප්‍රචාරයක්. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට මඩ ගැසිමේ අරමුණින් තමයි මෙවැනි ප්‍රචාර සිදුවන්නේ. මම නියෝජනය කරන්නේ මාතලේ දිස්ති්‍රක්කය.
මාතලේ දිස්ති්‍රක්කයෙන් තමයි ඒ ඒ කම්කරුවන්ට පර්චස් 07 බැගින් ඉඩම් ඛෙදන්නේ. ඔය කියන විදිහේ කිසිම පරිසර හානියක් සිදුවන්නේ නැහැ ඒක සම්පුරණ බොරුවක් යනුවෙන් පැවසිය.
වීඩියෝව පහතින් නරඹන්න....
වීඩියෝව පහතින් නරඹන්න....