අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් ඉතිහාසය, භාෂාව හෝ කිසිදු විෂයක් ඉවත් කිරීමේ සූදානමක් නැතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.
පටු දේශපාලන වාසි සඳහා ජාතික අධ්‍යාපනය පටලවා ගෙන ඇතැමුන් වාසි ලබා ගැනීමට තැත් කිරීම පිළිකුලෙන් හෙලා දකින බව පෙන්වා දෙන ඇමැතිවරයා බංකොලොත් දේශපාලන සටන් පාඨවලට ජාතික අධ්‍යාපනය පටලවා ගැනීමට කිසිදා ඉඩ ලබා නොදෙන බව ද කියා සිටී.
වසර 2013 දී මහාචාර්ය ලක්ෂමන් ජයතිලක මහමතාගේ සභාපතිත්වයෙන් නිකුත් කළ ජාතික අධයාපන කොමිසන් සභා වාර්තාවේ විෂයන් හයක් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත්ව තිබූ බවත් එහි ආගම, භාෂාව හා සාහිත්‍ය, ගණිතය, විද්‍යාව, පුරවැසි අධ්‍යපානය හා සමාජ විද්‍යාව මෙන්ම ඉංග්‍රිසි යන විෂයයන් ඇතුළත් කර තිබූ බවත් එහි පුරවැසි අධ්‍යාපනය හා සමාජ විද්‍යාව යන විෂය කාණ්ඩය යටතේ ඉතිහාසය භූගෝල විද්‍යාව ප්‍රජාචාරය යන විෂයයන් ඇතුළත් කර ඇති බවත් ඇමැති කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.
මේ වන විට පවතින විෂය නිර්දේශය දරුවන්ට බර වැඩි බවට සමාජ කථිකාවක් පවතින බව පෙන්වා දෙන ඇමැති කාරියවසම් මහතා ඒ සම්බන්ධයෙන් විද්වත් කථිකාවක් මගින් කළ යුතු වෙනස් කම් සිදු කිරීමට තමන් සූදානම් බවත් බංකොලොත් භාවයට පත්ව සිටින ඒකාබද්ධ විපක්ෂය හෝ අන් අයකු තම වාසියට ජාතික අධ්‍යාපනය පටලවා ගැනීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත් වන බවත් පෙන්වා දෙයි.
වසර 2013 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපනය සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු එම කොමිසන් සභාව සකස් කළ වාර්තාව ලැබුණේ 2016 වසරේ දී බව පවසන ඇමැතිවරයා තමුන් කිසි විටකත් පටු අරමුණුවලින් සිතා අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ නොගන්නා බව ද පෙන්වා දෙයි.