Wednesday, June 20, 2018
Home
Gossip Lanka News
නීතිපති නිලධාරියකු ඇවිත් නෑ - ඥානසාර හිමිගේ ඇපෑල කල් යයි
නීතිපති නිලධාරියකු ඇවිත් නෑ - ඥානසාර හිමිගේ ඇපෑල කල් යයි
-
Wednesday, June 20, 2018
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට අධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ අභියාචනය ලබන 22 වැනිදා සලකා බැලීමට හෝමාගම මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා ඊයේ (19 වැනිදා) නියෝග කළේය.
ඒ අනුව ලබන 22 වැනිදා පස්‌වරු 2.00 ට අභියාචනය කැඳවීමට නියමිතය.
ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඉදිරිපත් කළ ඇප අයෑදුම්පත හෝමාගම අධිකරණයේ දී ඊයේ කැඳවා තිබූ නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අධිකරණය වෙත නොපැමිණීම හේතුවෙන් එම අයෑදුම්පත පිළිබඳ තීරණය ලබාදීම මහෙස්‌ත්‍රාත්වරයා විසින් ලබන 22 වැනිදාට කල්තැබීය.
හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණය අවට පෙදෙසට ඊයේ දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා තිබූ අතර අධිකරණ භූමිය වෙත භික්‍ෂුන් වහන්සේලා පිරිසක් එක්‌ව සිටියහ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මියට බැණ තර්ජනය කිරීම හා අධිකරණයට බලහත්කාරයෙන් ඇතුල්වීම යන චෝදනාවලට ඥනසාර හිමියන්ට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් මාස හයකින් ගෙවීයන සේ පැනවූ අතර එක්‌නැලිගොඩ මහත්මියට රුපියල් පනස්‌දහසක වන්දියක් සහ රුපියල් තුන්දහසක දඩයක් ගෙවීමටද නියම විය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...