BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, June 20, 2018

කතරගම කපුවා කපෝති කරමින් අනියම් බිරිය කඹුරුපිටියේදී අත්අඩංගුවට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙයවූ බව කියන දීපිකා නමැති කාන්තාව මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.

ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුමහතාගේ අනියම් බිරිඳ බව කියන මෙම කාන්තාව කතරගම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතා සමග එක්‌ව එම ප්‍රහාරය සැලසුම් කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමටද මෙම කාන්තාව මැදිහත් වී ඇති බව විමර්ශන වලින් හෙළි වී ඇත.

ප්‍රහාරය එල්ල කළ වෙඩික්‌කරුවන් ඒ සඳහා සම්බන්ධ කර ගැනීම, ඔත්තු බැලීම ඇතුළු තවත් ක්‍රියාවන් රැසක්‌ මෙම කාන්තාව විසින් සිදුකර ඇති බවද සැකකාරියගේ ජංගම දුරකථනය පරීක්‌ෂා කිරීමේදී වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වන බවද පොලිසිය පවසයි.

මාතර නියෝජ්‍ය පොලිස්‌පති විජිත ගුණරත්න, පොලිස්‌ අධිකාරි ලක්‌සිරි ගීතාල් යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පරීක්‌ෂණ පැවැත්වෙයි.
« PREV
NEXT »