BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, June 05, 2018

එජාපය අතහැර ආණ්ඩුවෙන් එලියට බහින්නැයි පාක්‍ෂිකයන් අපට දැන්වූවා - ජනපති කියද්දී අති විශාල අත්පොලසන් නාදයක්


එක්සත් ජාතික පක්‍ෂය අතහැර ආණ්ඩුවෙන් එලියට බසින ලෙස ජනතාව ශ‍්‍රීලනිපයට දන්වා ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව පාර්ලිමේන්තුු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.
ශ‍්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාව හා මධ්‍යම කාරක සභාව අමතමින් ජනාධිපතිවරයා මොස් කියූ බව මන්ත‍්‍රීවරයා පැවසීය.
‘අනිත් අය කොහොම හිතුවත් මගේ කියවීම අනුව පළාත් පාලන ඡුන්දයෙන් අපි ලබපු ප‍්‍රතිඵලයෙන් කිවුවේ යූඑන්පියත් එක්ක ඉන්නෙ නැතිව එලියට බහින්න කියල’ යයි ජනාධිපතිවරයා කියන විට පාක්‍ෂිකයන් විශාල අත්පොලසන් නාදයක් පැවැත්වූ බවද ඔහු කියා සිටියේය.
ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම්වරයාගේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.


« PREV
NEXT »