Tuesday, June 05, 2018
Home
Gossip Lanka News
ජනාධිපතිගෙන් සම්මානයක්ද ගෙන පොලිස්පති, ‘අසූචි-මුත‍්‍රා’ කතාවක් කියයි
ජනාධිපතිගෙන් සම්මානයක්ද ගෙන පොලිස්පති, ‘අසූචි-මුත‍්‍රා’ කතාවක් කියයි
-
Tuesday, June 05, 2018
කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දියේදී පැවති උත්සවයකදී ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත සම්මානයක් පුද කරනු ලැබීය.
සභාවෙන් ජනාධිපතිවරයා පිටත්ව ගිය පසු පොලිස්පතිවරයා විසින් සිදු කරන ලද අදහස් දැක්වීමට විශේෂ අවධානයක් යොමු විය.
වර්ග ප‍්‍රමාණව අනුව වැඩියෙන්ම මනුෂ්‍ය ඝාතන වන රටක්, වැඩියෙන්ම මත්ද්‍රව්‍ය භිවාතවන රටක්, ස්ත‍්‍රි දුෂණවලින් වැඩිම රට ශ‍්‍රී ලංකාව බවත් වදවී යන ජාතීන් අතර දෙවැනි ස්ථානයට අප පත්ව සිටින බවත් පොලිස්පතිවරයා එහිදී කීවේය.
‘ඉතාම දුර්ඝන්ධය හමන අසුචි ගොඩක වැටිල ඉන්න මනුස්සයෙක් ටිකක් නුදුරින් පාරක යනව සුදු වස්ත‍්‍රයක් ඇදගත්ත මනුස්සයෙක්. ඒ මනුස්සයගෙ සුදු වස්ත‍්‍රය තුල අහම්බයෙන් වැටුනු මුත‍්‍රා බිදුවක් තියෙනව. මේක හොදට පේනව අර මනුස්සයට.
කෑගහල කියනව වටපිටාවෙ ඉන්න අයට ඇහෙන්න ‘අර බලපන්කො අර මනුස්සය යන හැටි කැතේ බෑ’ කියල. එයා ඉන්නෙ කොහෙද. මෙය අපේ සමාජයෙ කීයෙන් කී දෙනෙකුට කොයි පමණකින් ගැලපෙනවද කියන එක ඔබ තීරණය කරන්න’ යයිද පොලිස්පතිවරයා එහිදී පැවසීය.
