BREAKING NEWS
latest

728x90

468x60

Saturday, June 16, 2018

පෞද්ගලික රෝහල් වැට් බද්ද ඉවතට

පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි. යහපාලන ආණ්ඩුවේ ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. හෙතෙම මේ බව කියා සිටියේ 2017 ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත වන්දි ප්‍රදානය කිරීම සඳහා අද (16) මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක් වෙමිනි.

වැට් බද්ද ඉවත් කිරීමෙන් පසු පෞද්ගලික වෛද්‍ය චැනලින් ගාස්තු වල අගයද සැලකිය යුතු මට්ටමකින් අඩු වනු ඇත. පෞද්ගලික වෛද්‍ය ආයතන වෙත රජය මගින් නව වැට් බදු ක්‍රමයක් හදුන්වාදුන්නද එම ආයතන එම මුදල රෝගියාගේ බිලට අසාධාරණ ලෙස එකතු කිරීමෙන් රෝගීන්ට වන අපහසුතාවය සලකා බලා මෙම බදු අහෝසි කිරීමේ තීරණයට එලබ ඇති බවද වාර්තා වෙයි
« PREV
NEXT »