BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, June 26, 2018

හිට්‌ලර් කතාවට ගෝඨා උත්තර දෙයි - මහින්ද ජනපතිවරණය ඉල්ලන්න කියල තවම කිවුවෙ නෑ

බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි අනුශාසනාවක්‌ කළ යුත්තේ තේරුම් ගැනීමට ප්‍රඥවක්‌ ඇති මිනිසුන්ට බවත් තමන් වැනි සාමාන්‍ය පුද්ගලයකුගේ නිවසේ පැවැති පිංකමකදී අස්‌ගිරි අනුනාහිමියන් පෞද්ගලිකව තමන්ට පැවැසූ දේ පිළිබඳව දේශපාලනඥයන් විවිධ කතා මතුකරනුයේ අනුනාහිමිට විරුද්ධව නම් එය ඉතා නුසුදුසු ක්‍රියාවක්‌ බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවසීය. 

පොලිස්‌ මූල්‍ය අපරාධ ඒකකයේ දැනුම් දීමකට අනුව ඊයේ (25දා) පෙරවරුවේ එහි පැමිණ ප්‍රකාශයක්‌ ලබා දීමෙන් අනතුරුව හිටපු ආරක්‌ෂක ලේකම්වරයා මාධ්‍ය හමුවේ එසේ සඳහන් කළේය.

මේ දක්‌වාම ඉදිරි ජනපතිවරණය සඳහා තරග කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා තමන්ගෙන් ඉල්ලීමක්‌ කර නැති බවද හෙතෙම පැවසීය. 

මෙහිදී අස්‌ගිරි අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් පසුගිය දිනක කළ ප්‍රකාශය පිළිබඳ රටේ පවතින තත්ත්වය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමේදී තම නිවසේ පැවති පිංකමකදී අනුනාහිමියන් කළ අනුශාසනාවේ තිබූ කරුණු තමා මැනවින් අවබෝධ කර ගත්තද එය තේරුම් නොගත් පුද්ගලයන් අද විවිධ ප්‍රකාශ කරන බව ගෝඨාභය රාජපක්‌ෂ මහතා සඳහන් කළේය. 

බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි අනුශාසනාවක්‌ කළ යුත්තේ තේරුම් ගැනීමට ප්‍රඥාවක්‌ ඇති මිනිසුන්ට වන අතර තමන් සාමාන්‍ය පුද්ගලයකු බවත්a පිංකමකදී පෞද්ගලිකව තමන්ට පැවසූ දේ පිළිබඳ ජනාධිපතිවරයා අගමැතිවරයා හා දේශපාලනඥයන් ඇතුළු විවිධ පිරිස්‌ නොයෙක්‌ කතා මතු කරනුයේ අනුනාහිමිට විරුද්ධව නම් එය ඉතාමත් නුසුදුසු ක්‍රියාවක්‌ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

සාක්‌ෂියක්‌ ලබා දීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පැමිණි බව මෙහිදී කී හිටපු ආරක්‌ෂක ලේකම්වරයා ඩී. ඒ. රාජපක්‌ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක්‌ සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රකාශය සටහන් කර ගත් බවද පැවසීය. 

මේ සම්බන්ධයෙන් වන මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ කටයුතු අවසන් නිසා නීතියට අනුව කරන ඉදිරි කටයුතුවලදී උසාවියෙන් තීරණයක්‌ දෙනු ඇතැයිද ගෝඨාභය රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
« PREV
NEXT »