BREAKING NEWS
latest

728x90

468x60

Monday, June 25, 2018

ක්‍රීඩකයින්ට විතරක් බැනලා වැඩක් නැහැ. ආචාර්ය ධර්ම උල්ලංඝණය කිරීම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ උඩ සිටම සිදු වෙනවා. - ඇමැති අර්ජුන

ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාර්ය ධර්ම උල්ලංඝණය කිරීම සහ ජීව ගුණයට හානී කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩයින්ට පමණක් බැන වැදීමෙන් ඵලක් නොවන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා අවධාරණය කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාර්ය ධර්ම උල්ලංඝණය කිරීම අද වේගවත් කර ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්ම වන බවයි. අමාත්‍යතුමා මේ බව කියා සිටියේ මීරිගම ගනේගොඩ බොකලගම පේෂ කර්මාන්ත ක්‍රීඩා පිටියේදී අද පැවැති ක්‍රීඩා උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් අමතමිනි. “සේව් ද ස්පෝර්ට්ස් ගමින් ගමට” යන නමින් නම් කර තිබූ එම උත්සවය සංවිධානය කර තිබුණේ සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය විසිනි. එහිදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේද කියා සිටියේය.


“අද ක්‍රිකට් පාලක මණ්ලයේ උඩ සිටම ක්‍රිකට් ආචාර ධර්ම උල්ලංඝණය කරනවා. අද ක්‍රිකට් තරග පාවාදීම් ක්‍රිකට් ආචාරධර්ම උල්ලංඝණය කිරීම් ඉහළ සිට පාසල දක්වාම ගමන් කර තිබෙනවා. අපි අද දරුවන්ව පාසලට යවලා පාසලේදී උගන්වන්නේ විෂයන් නෙමෙයි. හොරකම් කරන එක ගැන. එය ක්‍රියාත්මක වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන්. ඊට රුකුල් දෙන අද ක්‍රිකට් පරිපාලනයේ ඉන්න හොර කණ්ඩායම නිසා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවම බිමටම වැටිලා. කණ්ඩායම බිමටම වැටිලා. අද අපි 20යි 20 තරගවලදී ඇෆ්ගනිස්ථානයටත් වඩා පල්ලේහාට ගිහිල්ලා තියෙනවා. මේ තරම් අපේ රටේ ක්‍රිකට් පල්ලෙහාට අපු කාලයක් මම දැකලා නැහැ. 1982 පටන් ගන්න කොටවත් මේ තරම් පල්ලෙහා හිටියාද කියල මට මතක නැහැ. අද බොහෝ ලොකුවට කතාකරන මේ බුකි ව්‍යාපාරිකයෝ මේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා මේක විනාශ කරනවා. ඒගොල්ලන්ගේ ව්‍යාපාර කරගෙන යනවා. හිටපු ක්‍රීඩා ඇමැතිතුමා සහ අපේ ආණ්ඩුව මෙයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන. අපි ආවේ යහපාලන ආණ්ඩුවෙන් හරි දේ කරන්න. අපි ඒ හරි දේ කළා නම් අද ක්‍රිකට් ක්‍රීඩාවට මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නෑ. ඒ ගැන මම කණගාටු වෙනවා. කෙසේනමුත් කොයි විදියට ක්‍රිකට් හදන්නේ කියලා අද අපේ අලුත් ක්‍රීඩා ඇමැතිතුමා බලනවා. එය යහපත් ප්‍රවණතාවක්. එතැනදී මම නම් කියන්නේ ක්‍රිකට් ගොඩනඟන්න කරන්න තියෙන එකම දෙය අතුරු පාලක කමිටවක් පත් කිරීම පමණයි....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
« PREV
NEXT »