Monday, June 18, 2018
Home
Gossip Lanka News
කර්නල් රත්නප්‍රිය ජනපති මෛත්‍රී හමු වෙයි
කර්නල් රත්නප්‍රිය ජනපති මෛත්‍රී හමු වෙයි
-
Monday, June 18, 2018
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තම පවුලේ පිරිස සමග මෙම සති අන්තය ගත කලේ පොළොන්නරුවේය. එලෙස මෙම දින තුන එතුමා පොළොන්නරුවේ ගත කරද්දී ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා විසින් ප්‍රදේශයේ තරුණයින් වෙනුවෙන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කල් තියාම සැලසුම් කර තිබුනේය.පොලොන්නරුව රජරට ක්‍රීඩාංගනය ඒ සදහා තෝරා ගත් දහම් සිරිසේන මහතා එම තරගාවලිය මෛත්‍රිපාල සිරිසේන අභියෝගතා සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ලෙසද නම් කළේය.
මෙහීදී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක් වුයේ මෙම තරගය නැරබීම සදහා මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට අඹේපුස්සට මාරු කල යුද හමුදාවේ කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග පැමිණ සිටීමයි.
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා වෙනත් ස්ථානයකට මාරු කිරීමේදී විශ්වමඩු ප්‍රදේශයේ ජනතාව ඔහුව වැළදගෙන හඩා වැටුන අකාරය සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහකටද ලක්විය.පසුව ජනාධිපතිවරයා විසින් වහාම එම ස්ථාන මාරුව අවංගු කර කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා විශ්වමඩු ප්‍රදේශයේම සේවය සදහා යොදවන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දීම සමාජ මාධ්‍ය තුල දැඩි ප්‍රශංසාවටද ලක්විය. කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා මෙසේ පැමිණ තිබුනේ ගරු ජනාධිපති තුමන් හට ස්තුතිය පුදකිරීමටයි.එහිදී ජනාධිපති වරයා කියා සිටියේ යුද හමුදා නිලදාරියෙක්දෙ ලෙස දේමල ජනතාවගේ හිත්තුලට ඇතුල්වීමට හැකිවීම පිළිබද සතුටුවන බවයි.

