BREAKING NEWS
latest

728x90

468x60

Monday, June 11, 2018

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරලා

පළාත් සභා කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණි වලට දරුවන් ඇතුළත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබෙනවා.
වයඹ සහ ඌව පළාත් සභාවල මෙවැනි සිද්ධි ගණනාවක් වාර්තා වී තිබෙන අතර තම දේශපාලන හිතවතුන්ගේ හා ඥාතීන්ගේ දරුවන් රැසක් මෙම පළාත් පාසල්වලට ඇතුළත් කර ඇති බවත් හෙළි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නියෝගය පවා උල්ලංඝණය කරමින් සිදු කර ඇති මෙම බඳවා ගැනීම නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමේදී වැඩපිළිවෙළට බාධා මතු කරන බවයි වාර්තා වන්නේ.
« PREV
NEXT »