දිවයිනට පැමිණ සිටින ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය යුකියෝ හටොයාමා මහතා ඉකුත් 14 වැනිදා පස්‌වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.
මෙහිදි ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වූ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයා දෙරටේ අතීත මිතුදමද සිහිපත් කළේය.
ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අගය කළ ජනාධිපතිවරයා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඉදිරියේ දී විශේෂ ආරාධනාවක් සිදු කරන බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ මාර්ග තදබදය අවම කර ගැනීමේ ව්‍යාපෘති සහ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතීන් වෙනුවෙන් ඉදිරියේ දී තම දායකත්වය ලබාදීමට අපේක්‍ෂා කරන බවද ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා හමුවේ සඳහන් කළේය.
දහම් සෙවණ පන්සල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති පූජ්‍ය සුදුහුම්පොල විමලසාර නායක හිමිපාණන් වහන්සේ සහ ජපාන නියෝජිත පිරිස මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.