BREAKING NEWS
latest

728x90

468x60

Sunday, June 03, 2018

මහින්දට යලි ඉල්ලන්න බැරි නිසා ඔහුගේ කැමැත්ත සහ පොදු විපපක්‍ෂයේ කැමැත්ත මත මා ඉදිරිපත් වෙන්න සූදානම් - Gotabaya Rajapaksa

‘2030 වනවිට ලෝක ආර්ථිකය වෙනස් වනවා ඒ ගැන විවිධ විශ්ලේෂණයන් රටවල් විසින් සිදු කරනවා, ඒ අනුව තමයි වියත්මගේ විසින් පිලියෙල කල ආර්ථික ක්‍රමය මම ඉදිරිපත් කලේ’ යයිද ඒක මෙරටේ කවුරු හෝ ක්‍රියාත්මක කරනවා නම් ඒකට තමන් විරුද්ධ නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ පවසා ඇත.

ඒ පසුගිය දා එජාප අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් අපේ ආර්ථික ප්‍රතිපත්තිය {එජාප} ගෝඨාභය විසින් වියත් මග සමුළුවකදි එලිදැවිම ගැන සතුටු බවට කියූ ප්‍රකාශට පිලිතුරු දෙමිනි.

එහිදි පුවත්පත විසින් ඉදිරි ජනාධිපතිවරණයේදි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ඔබ නේද? යන්න විමසූ අතර එහිදි හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ “ඔය ප්‍රශ්නය ඇත්තටම මම තීරණය කල යුතු දෙයක් නොවෙයි. ඒකට හේතුව මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා තමයි ජනතා බලවේගය ගොනුවෙලා තියෙන්නේ එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත ඉදිරිපත් වෙන්න බැරි නිසා එතුමා වෙන පුද්ගලයකු ඉදිරිපත් කරන්න ඕන, එතකොට ඒක තීරණය කල යුත්තේ එතුමානේ. විවිධ අය ගැන එතුමාගේ හිතේ ඇති, ඒ අයගෙන් කවුද සුදුස, වඩාත්ම සුදුසු පුද්ගලයා එතුමා තීරණය කරයි.

හිටපු ජනාධිපතිතුමාගේ වටා තිබෙන බලවේගවලට අමතරව දැන් සංවිධානය වුන පක්ෂයක් තියෙනවා නේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හැටියට, ඒ පක්ෂයේ තීරණයකුත් එන්න ඕන නේ. ඒ තීරණය අනුව තමයි මම ඉදිරිපත් වනවා ද නැද්ද තීරණය වන්නේ” යනුවෙනි.
« PREV
NEXT »