ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදු කළ දූෂණ සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එරට අධිකරණය විසින් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.
වගවීම පිළිබඳ ජාතික කාර්යාංශයේ (NAB) අධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ දීර්ඝ ප්‍රමාදයකින් පසුවය.
ඔහුගේ දියණිය වන මාරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් සහ ඔහුගේ බෑනා වන සෆ්දාර් අවාන්ට වසරක සිර දඬුවමක් නියම කෙරිණ.
තීන්දුව පිළිබඳ ප්‍රතිචාරය පළකරමින් නවාස් ෂරීෆ් කියා සිටියේ දේශපාලන පෙළඹවීම් මත මෙම තීන්දුව ලබා දී ඇති බවය.