BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 12, 2023

නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙතින් ලබාගෙන තිබූ ණය කපා හැරේ - ඇමති මංගල

නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් මෙසේ කපා හැරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ සන්දේශයටයි මෙසේ අනුමැතිය හිමිවුණේ.

මෑතකාලීනව ඇති වූ නියඟය හේතුවෙන් කන්න පහක් එක දිගට හානිවූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇති පරිභෝජනය සඳහා නොවන ණය මේ අනුව කපා හැරෙනු ඇති.

අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල කාන්තාවන්ට මෙම සහනය සැලසෙනවා.

අදාල ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ඉදිරියේ දී ලබා දෙන සියලු ණය වෙනුවෙන් සියයට 30ක පොලිය උපරිමයකට යටත් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.
« PREV
NEXT »