හෙරොයින් ජාවාරම්කාර දේශපාලනඥයන් නිදැල්ලේ සිටියදී කුඩු ගෙන්වන එක් පුද්ගලයෙක් දෙන්නෙක් එල්ලා මැරීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (11 දා) ප්‍රකාශ කළේය.
ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.
මරණ දඬුවම ක්‍රියාත්මක කළ පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. දඬුවම් දීමේ ක්‍රමයක් ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු නම් එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගැටලුවක් නැහැ. නමුත් සෑම වැරදිකරුවෙක්‌ම එල්ලීමෙන් පමණක් අපරාධ අඩු වෙන්නේ නැහැ. ඔවුන් වැරැද්දට පෙළඹවෙන වටපිටාව වෙනස් කළ යුතුව තිබෙනවා.
මත්ද්‍රව්‍ය ගෙන්වන පුද්ගලයන්ට මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් එය වැළැක්‌විය හැකිද? අද අපේ රටේ හෙරොයින් ජාවාරමට බොහෝ දේශපාලනඥයන් සම්බන්ධයි. එසේ තිබියදී හෙරොයින් ගෙන්වන එක් පුද්ගලයෙක් දෙන්නෙක් එල්ලා මැරීමෙන් කුඩු ජාවාරම නතර කළ නොහැකියි. එම නිසා මෙම ප්‍රශ්න පිළිබඳව ඉතාම සංවේදීව කල්පනා කළ යුතුව තිබෙනවා.
අජිත් අලහකෝන්