BREAKING NEWS
latest

728x90

468x60

Saturday, July 14, 2018

හසලක ගාමිණී දැයෙන් සමුගෙන වසර 27යි - වීරයාගේ මෑණියන්ට උපහාර පුදයි

අලිමංකඩ දී මව්බිම වෙනුවෙන් ජීවිතය පූජා කළ හසලක ගාමිණී කුලරත්න සෙබළා දැයෙන් සමුගෙන අද (14)ට වසර 27ක් සම්පූර්ණ වී ඇත.
1966 සැප්තැම්බර් 22 දින හසලකදී උපත ලැබු ගාමිණී කුලරත්න පස් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා විය. හසලක ගමේ ගොවියෙකු වූ වයි.බී. බබානිස් ගාමිණීට සහ වයි.බී. ජුලියට්ට දාව උපන් ගාමිණී කුලරත්න හසලක කුඩා නිවසක ජීවත් විය. මුලින් සාමාන්‍ය සෙබළෙකු ලෙස හමුදා සේවයට බැදුණු ගාමිණී කුලරත්න පුරා තිස් වසරක කුරිරු යුද්ධයේ මතක සැමරුමක් සටහන් කර දැයෙන් සමුගත්තේය.

එදා 991 ජූලි 14 දින අවි අමෝරාගෙන කඳවුර වෙතට ඇදෙන ලේ පිපාසිත ත‍්‍රස්තවාදීන් තවත් මොහොතකින් එලිෆන්ට් පාස් කඳවුර සුණුවිසුණු කරනු නියතය. හමුදාව ආර්.පී.ජී. ගැසුවත් වෙඩි පිට වෙඩි තැබුවත් කොටි ත‍්‍රස්තවාදීන් සමඟින් ඉදිරියට එන අඳුරු කොළ පැහැති යුද ටැංකිය නොනැවතී ඉදිරියටම ඇදේ. යෝධ රකුසු වෙස් ගත් යුද ටැංකිය බුල්ඩෝසරයකි. තහඩු ගසා තුවක්කු සවිකර සකස් කළ එම යුද ටැංකිය පිරී තිබුණේ පුපුරණ ද්‍රව්‍යවලිනි. ත‍්‍රස්තවාදීන් මෙසේ පැමිණියේ අලිමංකඩ කඳවුර වනසා එය අත්පත් කර ගැනීමටය.

බෝම්බ දෙකක් දෑතට ගෙන බුල්ඩෝසරයට පැනීමට ගාමිණී සිතුවේ සිදුවීමට යන මහා විනාශය සිහිපත් වීමෙනි. ගාමිණී කොටින්ගේ බුල්ඩෝසරය ඉදිරියට දිවගියේ කාගේවත් කීමක් නොඅසාමය. එදා ගාමිණී සමඟ කඳවුරේ සිටි බොහෝ දෙනා "ගාමිණී එපා" යැයි හඬ නැඟුව ද ගාමිණී තම රට දැය ආරක්ෂා කිරීමේ උදාරතර මෙහෙය අකුරටම ඉටු කළේය. ලේ පිපාසිත කුරිරු කොටින්ගේ වෙඩි පහරවල් කාගෙනම ගාමිණී දිවගොස් එල්ලුණේ කොටි බුල්ඩෝසරයේ යකඩ ඉණිමඟේය. දෑතේ වූ බෝම්බ දෙක රථයට තුළට දමා ගැසීමට තරම් ගාමිණීගේ දෑත් එවෙලෙහි සවිමත් විය. බෝම්බ දෙක පුපුරායාමත් සමඟ ගාමිණී ඉණිමඟෙන් බිමට ඇද වැටිණි.

සේවයට එක් වූ දා පටන් තම රාජකාරිය අකුරටම ඉටුකිරීමට සමත් වූ ගාමිණි සිය දිවියෙන් සමුගත්තේ ද සිත් පිත් නැති කුරිරු ත‍්‍රස්තවාදීන්ට කදිම පාඩමක් කියා පාමිනි. තම දේශය වෙනුවෙන් දිවි පිදීමට අභීත රණ විරුවන් කිසිදා පසුබට නොවන බවත් ඒ සඳහා ඔවුන් සැදී පැහැදී සිටිනාබවත් ත‍්‍රස්තවාදීන්ට පසක් කරලීමට එදා ගාමිණීට හැකි විය.

යුද කඳවුරක් එහි බලකායත් සුරැකීමේ පරම පිවිතුරු අදිටනින් තම ජීවිත පූජාවක් කොට බුල්ඩෝසරය පුපුරවා එම ගමන නතර කළ ගාමිණි කුලරත්න විරුවා සිහි කිරීමත් එබඳු ජීවිත පූජාවක් කොට ඔහු විදහා දැක්වූ අසම වීර ක්‍රියාව අගයා හමුදා නිලධාරියකුට පිරිනැමෙන උසස්ම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් ද ජනාධිපතිතුමා; ගාමිණි රණ විරුවාට පුද කර තිබේ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළ අංක-34553 කෝප්‍රල් ගාමිණී කුලරත්න රණ විරුවා සිහිකිරීම පිණිස අලිමංකඩ හමුදා කඳවුර අසල පිපිරීම සිදු වූ ස්ථානයේ ඉදි කර ඇති පිළිරුවද 2014 ජනවාරි 02දා විවෘත කරන ලදී.
 ඒ අනුව සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ මාධ්‍ය ලේකම් හිටපු පළාත් සභා අමාත්‍ය ලෝරන්ස්‌ මාදිවල මහතා විසින් සංවිධාන කරන ලද මියගිය රණවිරු හසලක ගාමිණි සිහිපත් කරන 27 වැනි ගුණසමරු උත්සවයක්‌ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ 13දා පැවැත්විණි. එහිදී එම රණවිරුවාගේ මෑණියන් වන වී.ජී. වයලට්‌ මහත්මියට වීර රණවිරුවා වෙනුවෙන් උපහාර තිළිණයක්‌ රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් පිරිනමන ලදී
« PREV
NEXT »