Saturday, July 14, 2018
Home
Gossip Lanka News
තායිලන්ත අගමැතිට ජනපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්
තායිලන්ත අගමැතිට ජනපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්
-
Saturday, July 14, 2018
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය පරිදි ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ එම මහත්මිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය පෙරෙදා (12) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. එහි දී තායිලන්ත අගමැතිවරයා සහ එම මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය විසින් ඉතා උණුසුම් සහ සුහද අන්දමින් පිළිගනු ලැබීය.
මේ අතර ජයන්ති සිරිසේන මහත්මියගේ ජන්ම දිනය පෙරේදා දිනට යෙදී තිබූ අතර, එතුමිය වෙත සිය උණුසුම් සුබ පැතුම් පළ කළ තායිලන්ත අගමැතිවරයා සහ එම මහත්මිය ජයන්ති සිරිසේන මහත්මිය වෙත විශේෂ ත්‍යාගයක් ද පිරිනැමුවේය.
