Tuesday, July 24, 2018
Home
Gossip Lanka News
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා සීමා කිරීමට නව නීති ගෙන එනවා - අමාත්‍ය මංගල සමරවීර
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා සීමා කිරීමට නව නීති ගෙන එනවා - අමාත්‍ය මංගල සමරවීර
-
Tuesday, July 24, 2018
දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ජනතාවගෙන් අය කරනු ලබන ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ නව නීති ගෙන එන බව කී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහත ඒ සඳහා අද (24) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බවත් කීය.
එහි දී අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා:
මෙම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 40% සිට 220% දක්වා මට්ටමක පවතී. දිවයිනේ දිස්ත්‍රික්ක 13කට බලපෑ නියං තත්ත්වය හේතුවෙන් මෙම ක්ෂද්‍ර මූල්‍ය සමාගම්වලින් ණය ලබා ගැනීම වැඩි වී ඇත.
එබැවින් රුපියල් ලක්ෂයකට අඩු මුදලක් එසේ ලබාගෙන ඇති එම දිස්ත්‍රික්කවල ජනතාවගේ මුදල් කපා හැරීමටත්, ඒ වෙනුවෙන් වූ පොලිය ගෙවීමටත් අප අද සිට කටයුතු කිරීමට සූදානම්. මෙහි සාර්ථකත්වය අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල මෙවැනි ණය උගුල්වල සිරවී සිටින ජනතාවට ද සහන සැලසීම රජයේ අපේක්ෂාවයි.
එසේ ම මේ තත්ත්වය වැලැක්වීම සඳහා ලබන අගහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල පොලී අනුපාත 30%ක උපරිමයකට යටත් වන යෝජනාවක් ද මම ඉදිරිපත් කිරීමට සූදානම්. ඒ අනුව එම පනතට අවශ්‍ය සංශෝධන රැගෙන ඒමට කටයුතු කරන බව ද කීමට කැමැතියි.
කිසියම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් එම නීති රීති අනුව කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට සූදානම් බව ද හෙතෙම කියා සිටියේය. එසේ ම මෙම ප්‍රදේශවල සාර්ථකව ක්‍රියාත්මක වූ සමූපකාර ක්‍රමය ද යළි ක්‍රියාත්මක කිරීම සූදානම් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...