BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, July 24, 2018

මන්නාරම ඩුබායි නගරයක් කළ හැකියි - පාඨලි

මන්නාරම නගරය සහ මන්නාරම ප්‍රාදේශීය සභා 05 සඳහා විධිමත් නාගරික සැලැස්මක් සහිතව සංවර්ධනය කරන බවත් කරන මන්නාරම නගරය ඩුබායි නගරය මෙන් සාර්ථක නගරයක් කළ හැකි බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ, රුපියල් මිලියන 180ක වියදමින් ඉදිකිරීමට නියමිත මන්නාරම බස් නැවතුම්පළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් පැවැති උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “විශේෂයෙන්ම ඉන්දියාවේ කැලිකට්, වර්තමානයේ කොච්චිකඬේ යනුවෙන් හඳුවන්නේ. ඒ කැලිකට් වරායත්, මාන්තොටත්, බේරුවල වරායත් මේ කලාපයේ තිබූ ප‍්‍රධානම වාණිජ මධ්‍යස්ථානය. ඒ වගේම මන්නාරම ලෝකයේ ප‍්‍රචලිත උනේ මුතු පරය නිසා. බි‍්‍රතාන්‍ය යුගයේදී විදේශ රටවලින් පැමිණි 4,000 කට අධික ප‍්‍රමාණයක් මන්නාරමේ මුතු කැණීම් කළ කාලයේ සිටි බව ලෙනාඩ් වුල්ෆ් මැතිතුමාගේ චාරිකා සටහන්වල සඳහන් වෙලා තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ මුතු බටහිර රටවල්වල රාජකුමාරිකාවන්ගේ, රැජිනියන්ගේ ආභරණ ගබඩාවල අදත් දැක ගන්න පුළුවන්. අධික වශයෙන් බි‍්‍රතාන්‍ය යුගයේදී මුතුපර හෑරීම නිසා ඒ සම්පත අහිමි වී ගියා. ඒ වගේම ඒ මුතුවලටත් වඩා වටින අතිවිශාල සම්පත් දෙකක් මේ මන්නාරමේ සැඟවී තිබෙනවා. 2011 සැප්තැම්බර් මාසයේදී මන්නාරම නගරයේ ඉඳන් කි.මි.32 ක් මුහුදෙන් අපි සොයා ගත්තා ගෑස් සහ තෙල් සහිත බැරි කියුඩා සහ ඩෙරිඩා කියලා ළිං දෙකක්. එම තෙල් ළිං දෙකත් ගෑස් ලිඳත් තවම තිබෙනවා. 1970 ගණන්වල පේසාලෙනුත් මතුවී තිබුණ. නමුත් මෙවර ඉතා ස්ථිර සාධක සහිතව එම ළිං කැණලා එය ලබාගන්න 2011 දී හැකියාව ලැබුණා.

එදා විදුලිබල හා බලශක්ති ඇමති හැටියට යුද්ධය ඉවරවනවාත් සමගම අපේ ප‍්‍රධාන විදුලි පද්ධතිය මේ මන්නාරමට ගෙන ආවා. විදුලි බලමණ්ඩලයේ මධ්‍යස්ථානයක් සාදා සෑම ගමකටම විදුලිය ලබාදුන්නා. ඒ වගේම මේ ප‍්‍රදේශයේ සුළං බලය විදුලි ශක්තිය ගැන බැලූවහම ලංකාවටම දෙන්න තරම් විදුලි ධාරවක් තිබෙන ප‍්‍රදේශයක්. මේ සම්පත් දෙක අපට කළමනාකරණය කර ගන්න පුළුවන් නම්, වතුර නොමැති වුවත් වෙනත් ගැටලු ගොඩක් තිබුණත්, මේ නගරය ඩුබායි නගරයටත් වඩා සාර්ථක නරගයක් කර ගන්න අපට අනාගතයේ හැකියි.

ඒ වගේම අපේ නාගරික සංවර්ධන අධිකාරිය මන්නාරම් නගරය සඳහා විධිමත් නාගරික සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ වගේම මන්නාරම් දිස්ත‍්‍රික්කයේ තිබෙන ප‍්‍රාදේශීය සභා 5 වෙනුවෙන්ම අපි නාගරික වැඩසටහන් හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම අල්පතාර් ප‍්‍රදේශයේ කී‍්‍රඩාංගනයක් කර අවසන් කර තිබෙනවා. නමුත් එහි ආලෝකය සපයන්න සහ තවත් කාරණා කිහිපයක් මුල්කරගත් ඉල්ලීමක් අපේ ගරු මන්ත‍්‍රීතුමා කළා.

ඒ අනුව අපි එය කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පල්ලෙමුණේට තවත් ක‍්‍රීඩාංගණයක්, සිලාවතුර නගර මධ්‍ය දියුණු කරන්නත්, පේසාලේ වෙළඳ මධ්‍යස්ථානය ඉදිකරන්න. ඒ වගේම මන්නාරමේ ස්වභාවික උද්‍යානයක් හැටියට වැඩිදියුණු කරන්න මේ වසරේ අපි දැනටමත් යෝජනා කර තිබෙනවා. පසුගිය අයවැයෙන් මිලියන 250ක පමණ මුදලක් මේ ප‍්‍රදේශය සංවර්ධනය සඳහා ලබාදී තිබෙනවා. ඒ අනුව මෙම පළාතේ ජනතා නියෝජිතයන් සමග සාකච්ඡා කර යෝජනා ලබාගෙන මෙම ප‍්‍රදේශයේ දියුණුව ඇති කරන බව කිව යුතුයි යැයි වැඩිදුරටත් පැවසීය.
« PREV
NEXT »