BREAKING NEWS
latest

728x90

468x60

Saturday, May 05, 2018

ශ්‍රී ලංකා - චීන සමස්ත වෙළෙඳාම ඩොලර් බිලියන 4.6 යි.

" චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳාම ඔස්සේ රටවල් දෙකටම ඉහළ ප්‍රතිලාභ භුක්ති වීඳීමට හැකියාවක් පවතින බවත්, අප දෙරටේ මිත්‍රශීලි සබඳතාව ඈත අතීතය දක්වා දිවයන බවත්, 2017 දී ශ්‍රී ලංකා - චීන සමස්ත වෙළෙඳ ගණුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 4.6 (4.6 Billon Dollar) වු බවත්, එය පෙර වසර සමඟ සසඳන විට සියයට 3% ක වැඩි වීමක් බවත් කර්මාන්ත හා වාණිඩ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. 


අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ දී පැවති විශේෂ චීන වෙළෙඳ දූත පිරිස සමඟ සාකච්ඡාවේදීය.

මහජන චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍ය කමිටු සාමාජික හා යුනාන් ප්‍රාන්තයේ රාජ්‍ය උපදේශක ගාවෝ ෂුෂුන් (Mr. Gao Shuxun) මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වෙළෙඳ දූත පිරිස පැමිණියහ. ඔවුන් විශේෂයෙන් පැමිණියේ ලබන ජුනි මස 14 - 20 දක්වා මහජන චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුංමිං නුවර පැවැත්වෙන "චීන දකුණු ආසියානු මහා ප්‍රදර්ශනය" (China South Asia Expo) සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාට නිල වශයෙන් ආරාධනා කිරීම සඳහාය. මෙම මහ ප්‍රදර්ශනය වසරක් පාසා පැවැත්වෙන අතර මෙවර පැවැත්වෙන්නේ 5 වැනි වරටය. මීට සමගාමීව චීන කුංමිං ආනයන අපනයන වෙළෙඳ ප්‍රදර්ශනය ද (China Kunming Important and Export Fair) මෙවර පැවැත්වෙන්නේ 25 වැනි වරටය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

"මේ වන විටත් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකා චීන නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා. අපි විශ්වාස කරනවා, මෙම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට විශේෂිත ආර්ථික ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි කියා. ඒ වගේම යුනාන් ප්‍රාන්තය සමඟ අප නිලධාරීන් සාකච්ඡා කරමින්, යුනාන් ආයෝජකයින් අපගේ රටේ විශේෂිත වෙළෙඳ ක්‍ෂේත්‍ර සඳහා ආයෝජනය කිරීමට යොමු කරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඔස්සේ අපගේ අපනයන ප්‍රමාණය තවදුරටත් වැඩි වන බව අපගේ විශ්වාසයයි. ඒ වගේම චීන තාක්ෂණික හා ව්‍යාපාරික දැනුම අපගේ ප්‍රජාවට ලබා දීමටත් අපේක්‍ෂා කරනවා. ඒ සඳහා අපි කුංමිං මහා ප්‍රදර්ශනයට සහභාගී වී අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා චීන වෙළෙඳපොල අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාර සඳහා නව ආයෝජකයින් යොමු කර ගැනීමටත් අපේක්‍ෂා කරනවා." යැයි පැවසීය.

යුනාන් ප්‍රාන්තය ශ්‍රී ලංකාව සමඟ ජෛව ඖෂධීය, කෘෂිකාර්මික හා සංචාරක ක්‍ෂේත්‍ර සඳහා හවුල් වීමට කැමතියි.

- චීන රජයේ උපදේශක ගාවෝ ෂුෂුන් මහතා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ මහජන චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍ය කමිටු සාමාජික හා යුනාන් ප්‍රාන්ත රජයේ උපදේශක ගාවෝ ෂුෂුන් මහතා මෙසේ පැවසීය.


"දකුණු ආසියාවේ ප්‍රධාන වෙළෙඳ දොරටුව වන සේද මාවතේ වෙළෙඳ මිතුදම ඔස්සේ, ශ්‍රී ලංකාව හා චීනය අතර මෙන්ම යුනාන් ප්‍රාන්තය සඳහා ද, ද්වීපාර්ශවික වෙළෙඳ ගණුදෙනු ශක්තිමත් කර ගැනීමට හැකියාව පවතිනවා. අප දෙරටේ නිදහස් වෙළෙඳ කටයුතු හැකි ඉක්මනින් යථාර්ථයක් බවට පත් වේවි. මේ වන විටත් ශ්‍රී ලංකාව හා යුනාන් ප්‍රාන්තය අතර ද්වීපාර්ශවික වෙළෙඳ ගණුදෙනු වටිනාකම ඩොලර් මිලියන 18 ක් පමණ වෙනවා. අපගේ හවුල් ව්‍යාපාර ආයෝජන වැඩි කර ගැනීම තුළන් නව ව්‍යාපාර ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට හොඳ ආර්ථික ශක්තියක් ගොඩ නගා ගැනීමට පුලුවන්. ඒ වගේම වාර්ෂිකව පැවැත්වෙන "චීන කුංමිං දකුණු ආසියා එක්ස්පෝ මහා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ට වඩාත් ප්‍රයෝජනයක් වේවි. ඒ වගේම යුනාන් ප්‍රාන්ත රජය ශ්‍රී ලංකාව සමඟ කෘෂිකාර්මික, ජෛව විද්‍යාත්මක, ඖෂධ හා සංචාරක ක්‍ෂේත්‍ර හා ශාක, අභිජනනය හා සංවර්ධනය සඳහා සහයෝගය ලබා දීමට හවුල් වීමට කැමැත්තේන් සිටිනවා." යැයි පැවසීය.


මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක හසිත කේ. සෙනෙවිරත්න, අමාත්‍ය පුද්ගලික ලේකම් රිෆ්කාන් බදියුදීන්, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ඉර්ෂාඩ් ඉනයතුල්ලා, මහත්වරු සහභාගී විය.
« PREV
NEXT »