BREAKING NEWS
latest

728x90

468x60

Friday, July 13, 2018

තායි - ශ්‍රී ලංකා අගමැතිවරු හමුවෙති

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණියහ.

ථෙරවාදී බුදු දහම පවතින රටවල් වශයෙන්, බෞද්ධ සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම එකඟතාවය ඇති කර ගනු ලැබූයේ අද (13 වන දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඔ චා (HE Prayut Chan-o-cha) සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්රනමසිංහ යන මහත්වරු ප්‍රමුඛ දෙරටේ නියෝජිතයින් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලදීය. එහිදී දෙරට අතර සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව ගැන ද වැඩි අවධානයක් යොමු කෙරිණි.

ඉන්දීය සාගර කලාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලංකා ඉලක්කය සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

දෙරට අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා ඉදිරියට වඩ වඩාත් වර්ධනය කරලීමේ අවකාශයන් පිළිබඳව ද දෙරටේ අගමැතිවරු අදහස් හුවමාරු කර ගත්හ.

තායි අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ ද සාකච්ඡාවක් පැවැත්වෙන අතර, ඉන් අනතුරුව මහනුවර බලා යන තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජේරාදෙණිය උද්භිද උද්‍යානය, ගන්නෝරුව කාෂිකර්ම ආයතනය නැරඹීමට ද යන අතර ඉන් පසු මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් පැහැදැක ශ්‍රි දළඳා මාළිගාවට ගොස් දන්ත ධාතූන්වහන්සේලා වැඳ පුදා ගැනිමට නියමිතය.
« PREV
NEXT »