ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද වන ශිරනති රාජපක්‍ෂ මහත්මිය ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ යයි සමාජ ජාලා හා අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.
ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් රාජපක්‍ෂවරුන් හා ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් අතර ඇතිවෙමින් තිබෙන මතගැටුම් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙම තීරණයට එළැම ඇති බව එම වාර්තාවන්හි දැක්වෙයි.
ජෝතිශ්‍ය අනාවැකි අනුව ශිරනති රාජපක්‍ෂ මහත්මියට රටේ නායකත්වයට ඒමේ යම් බලයක් ඇතැයි පැවසේ.
ජෝතිශ්‍ය අනාවැකි අනුව ශිරනති රාජපක්‍ෂ මහත්මියට රටේ නායකත්වයට ඒමේ යම් බලයක් ඇතැයි පැවසේ.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් අප වෙත අදහස් පල කල හිටපු ජනාධිපති මහිනද රාජපක්‍ෂ මහතාගේ සමීපතමයෙක් කියා සිටියේ කිසිසේත්ම එවන් සූදානමක රාජපක්‍ෂ මහතා නැති බවයි.