Sunday, July 15, 2018
Home
Gossip Lanka News
මම බලය බෙදනවට කැමැතියි - නමුත් එය රට නොබෙදා - ෆෙඩරල් නොවී පියවර කීපයක් ඉදිරියට යා යුතුයි - ජනපති
මම බලය බෙදනවට කැමැතියි - නමුත් එය රට නොබෙදා - ෆෙඩරල් නොවී පියවර කීපයක් ඉදිරියට යා යුතුයි - ජනපති
-
Sunday, July 15, 2018
සියලු ජාතීන් අතර සංහිඳියාව හා සහජීවනය ඇතිකොට බියෙන් හා සැකයෙන් තොරව සමඟියෙන්, සහෝදරත්වයෙන් ජීවත්විය හැකි පරිසරයක් රටේ ඇති කරන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජාතිකයක් ලෙස රට ඉදිරියට යාම සඳහා රට නොබෙදන, ෆෙඩරල් නොවන බලය බෙදීම සම්බන්ධයෙන් පියවර කිහිපයක් ඉදිරියට යායුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
බලය බෙදීමේ ප්‍රතිපත්තියේ දී ලෝකයේ එක් එක් ආණ්ඩුක්‍රමයන්හි පවතින සංස්කෘතික තත්ත්වයන්, භෞතික සම්පත්, විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අධ්‍යයනයක් කිරීම ඉතාම වැදගත් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, තමා ජනාධිපතිවරයා ලෙසත් පෞද්ගලික දේශපාලන ප්‍රතිපත්තිය තුළත් බලය බෙදීමේ ප්‍රතිපත්තිය පිළිගන්නා අයෙකු බවද සංවර්ධනයේ සමතුලිතතාව හා සාධාරණත්වය රටේ සෑම ජනකොටසකටම ඉටුවිය යුතු බවද කීවේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව නව කාර්යාල සංකීර්ණයේ දී පැවැති පළාත් සභාවේ මංගල සැසිවරායට සහභාගී වෙමිනි. බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 204 ස්ථානයේ මෙම කාර්යාල සංකීර්ණය ස්ථාපිත කර තිබේ.
එහිදී වැඩිදුරටත් අඳහස් පළ කළ ජනාධිපතිවරයා මෙසේද කීවේය.
බස්නාහිර පළාත් සභාවේ වසර 30ක අභිමානවත් ගමන් මඟත් සමඟ මේ පළාතේ මෙන්ම පළාතේ සිදුවන සේවාවන් සෘජුව සහ වක්‍ර ලෙස රටේ අනෙකුත් ප්‍රදේශවලට ලබාදෙන සේවාව ප්‍රධාන පළාත් සභාවක් ලෙස පුළුල් සේවාව ශක්තිමත් කරන්න අද දර්ශනීය නව ගොඩනැඟිලි සංකීර්ණයකට පැමිණ තිබෙනවා. ඒ නව ගොඩනැඟිල්ල තුළ සැසිවාරය අමතන්නට ලැබීම සම්බන්ධයෙන් සතුටට පත් වෙනවා. මේ වෙනුවෙන් මා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාටම ස්තුතිය පිරිනමනවා. අපේ රටේ පළාත් සභා ක්‍රමය බිහිවීම හිදිසියේ ඇතිවූ තත්ත්වයක් නොවේ. 1948 වසරේ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීමටත් පෙර මේ රටේ බලය බිහිවීම සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පවත්වා තිබෙනවා. නිඳහස ලැබීමෙන් පසුව බලයට පත් ආණ්ඩු විසින් රටේ රාජ්‍ය පාලනයේ දී ගෙනගිය ව්‍යවස්ථාපිත තත්ත්වයන් වඟේම සංවර්ධනය, නීතියේ ආධිපත්‍ය, ජනතා පරමාධිපත්‍ය පුළුල් ජනතා සේවයන් වඩාත් සැලසුම් සහගතව ඉටුකිරීම සඳහා ප්‍රධාන ව්‍යවස්ථාපිත ආයතනය ලෙස පාර්ලිමේන්තුව කටයුතු කිරීම වගේම ඉන් භාහිරව තිබූ පළාත් පාලන ආයතනවලින් කෙරෙන සේවාවන් අතර නව ව්‍යවස්ථාපිත ආයතනයක අවශ්‍යතාව දේශපාලන විචාරකයන්, නීති විශාරදයන් දේශපාලක ක්ෂේත්රය පිළිබඳ පුළුල් දැනුමක් තිබෙන විද්වතුන් මේ සම්බන්ධයෙන් විවිධ අඳහස් ප්‍රකාශ කළා.
ලෝකයේ සංවර්ධිත රටවල තිබෙන අත්දැකීම් සමඟ අපේ රටේ තිබෙන්නා වූ ප්‍රශ්න තේරුම් ගනිමින් ප්‍රධාන වශයෙන්ම අපේ රටේ පාරලිමේන්තුව හා පළාත් පාලන ආයතන අතරේ තවත් රාජ්‍ය බලය තිබුණු ව්‍යවස්ථාපිත ආයතනයක අවශ්‍යතාව පෙන්නුම් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනයෙන් පසුව පළාත් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ රටේ පළාත් නවයට පළාත් සභා නවයක් පිහිට වූවා. බස්නාහිර පළාත් සභාව වගේම අනෙකුත් පළාත් සභාවන් ගත්විට වසර 30ක අත්දැකීම් සමඟ රටේ සංවර්ධනය සඳහා ඒ ඒ ආයතන මහජන සේවාවන් සඳහා ඉදිරියට පැමිණ තිබෙනවා. අද බලය බෙදීම සම්බන්ධයෙන් මේ වනවිට නොයෙක් සංවාද තිබෙනවා. තවදුරටත් පළාත් සභාවලට වැඩිපුර බලය ලබා දෙනවා නම් එහි සීමාව කොතැන ද, කොතෙක් දිය යුතුද, පළාත් සභාවල දැනට තිබෙන්නා වූ බලතල හා ව්‍යවස්ථාපිත තත්ත්වයන් එහි තිබෙන අඩුපාඩු සහ දුර්වලකම් මොනවා ද ආදිය සියල්ල අධ්‍යයනය කරමින් ඉතා විධිමත් ලෙස එවැනි කාර්යයන් කළ යුතු වෙනවා.
මම ජනාධිපතිවරයා ලෙසත් පෞද්ගලික දේශපාලන ප්‍රතිපත්තිය තුළත් බලය බෙදීමේ ප්‍රතිපත්තිය පිළිගන්නා කෙනෙක්. බලය බෙදීමේ ප්රතිපත්තියෙහි ලෝකයේ එක් එක් ආණ්ඩුක්‍රමයන්හි තිබෙන සංස්කෘතික තත්ත්වයන්, භෞතික සම්පත් විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අධ්‍යයනය කිරීම ඉතාම වැදගත්. ඒ නිසා නීති විශාරදයන්, දේශපාලන විශාරදයන් ඉදිරිපත් කරන අඳහස් වගේම බලය බෙදීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ දී රටක පවතින සංස්කෘතික තත්ත්වයන්, භෞතික තත්ත්වයන් සම්පත්වල ප්‍රමිතිය ආදී සියල්ල සැලකිල්ලට ගැනීම ඉතාම වැදගත්. අපේ රටේ අද උතුරේ ඇතිවන හඩ කුමක් ද යන්න අපිට රහසක් නොවේ. ඒ මඟින් බලය බෙදීම සම්බන්ධයෙන් තිබෙන විවිධ අදහස් හා මතවාද කෙසේ වෙතත් මේ රට හෙට දවසේ වාසනාවන්ත, සුබවාදී, පැහැදිලි දේශපාලන ස්ථාවරත්වයක් සහිත, නැවත රටේ යුද්ධයක් ඇති නොවන ආකාරයට සියලු ජනතාවගේ සංහිඳියාව, සහයෝගීතාව, සමඟිය, විශ්වාසය ඇතිකර ගැනීම වගේම බිය, සැකය, අවිශ්වාසය තුරන් කරමින් සහෝදරත්වයෙන් ජීවත්වන ජාතිකයක් ලෙස රට ඉදිරියට යන්න ප්‍රධාන වශයෙන් රට බෙදෙන්නේ නොමැති හා ෆෙඩරල් නොවන බලය බෙදීම සම්බන්ධයෙන් අපි යම් පියවර කිහිපයක් ඉදිරියට යායුතුයි කියන එකයි මගේ අදහස. එහිදී විවිධ මත තිබෙනවා. පැහැදිලිවම රට බෙදන්න කිසිවකු කැමැති නැහැ.
ෆෙඩරල් ක්‍රමයට අපි කවුරු කැමැති නැහැ. නමුත් මේ රටේ තිබෙන සංවර්ධනයේ විෂමතාවන් අප හඳුනාගත යුතු වෙනවා. 1948 සිට මේ දක්වා බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම රටේ සංවර්ධනය සඳහා පුළුල් දායකත්වයක් ලබා දී තිබෙනවා. දේශපාලන පක්ෂ භේදයකින් තොරව. එහෙත් සංවර්ධනයේ සමතුලිතතාව හා සංවර්ධනයේ සාධාරණත්වය රටේ සෑම ජනකොටසකටම ඉටුවන්නේ නැති බවට අපිට සාක්ෂි සහිතව ඉදිරිපත් කළ හැකි කරුණු රාශියක් ද තිබෙනවා. උතුරේ ගම්මානවලට ගියොත් එම ජනතාවගේ ආර්ථික, සමාජ තත්ත්වයත් බස්නාහිර පළාතේ ජනතාවගේ ආර්ථික, සමාජ තත්ත්වයන් අතර බොහෝ වෙනස්කම් දකිනවා. දුගී බව ඉන් ප්‍රධාන තත්ත්වයක්. සංවර්ධනය, සාධාරණයත්වය ඉටුකරන්න ඇතැම් ප්‍රදේශවල අසීරු වෙනවා.
නිදහස් අධ්‍යාපනයේ නිසි ප්‍රතිඵල රටේ සෑම තැනම දරුවන්ට ලැබෙනවා ද. නිඳහස් අධ්‍යාපනය සඳහා මානව සම්පත රටේ සෑම තැනකටම ලැබෙනවා ද. නිදහස් සෞඛ්‍යයේ ප්‍රතිපල සෑම තැනටම ලැබෙනවා ද. විවිධ සංවර්ධන ක්ෂේත්රවල තත්ත්වයන් බලන්න.
උතුරු නැඟෙනහිර ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා පවතින සුදුසුකම්වල වෙනසක් ඇති කළ පසුව ඒ වෙනුවෙන් පවතින විරෝධය මා දැක තිබෙනවා. නමුත් හෙද සේවාවට බඳවා ගැනීමට අයැඳුම්පත් කැඳවූ පසුව උතුරු- නැගෙනහිර සඳහා කිසිඳු පුරප්පාඩුවකට අයදුම්පත් එන්නේ නැහැ. පවුල් සෞඛ්‍ය සේවාවට අයැදුම්පත් කැඳවුවත් තිබෙන පුරප්පාඩු සඳහා ඉල්ලුම්පත් එන්නේ නැහැ. අනෙකුත් සේවාවක ද පැහැදිලි වෙනස්කම් අපි දකිනවා. එයින් අපි දකින්නේ බස්නාහිර පළාතේ තිබෙන අධ්‍යාපන සුදුසුකම උතුරු පළාතේ දරුවන්ට ලැබී නැහැ. සෞඛ්‍ය සේවාව ගත්විට ද ඒ සේවාවන් කරන්න මානව හා භෞතික සම්පත් නැහැ. නැඟෙනහිර පළාතේත් එහෙමයි. මේ තත්ත්වයන් ඌව, දකුණු පළාත්වල ඇතැම් ගම්මානවල දකිනවා.
නිදහසින් පසුව ලංකාවේ සමබර සංවර්ධනයක්, සාධාරණත්වයක් පිළිබඳ බොහෝ ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා තමයි බලය බෙදීම සම්බන්ධයෙන් යම් තර්කානුකූල තත්ත්වයක් වගේම යථාර්ථවාදී තත්ත්වයක් අපි දකින්නේ රට බෙදෙන්නේ නැති ෆෙඩරල් නොවන ඒකීය රටක් තුළ පළාත් සභාවල බලතල තව වැඩිකිරීමේ ප්‍රතිපත්තිය සඳහා මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.
දීර්ඝ කාලීන අත්දැකීම් තිබෙන බස්නාහිර පළාත් සභාවට වගේම මෙයින් ඉටුවන සේවාව රටේ අනෙකුත් ප්‍රදේශවලට බලපාන නිසා පහසුකම් සමඟ නව ගොඩනැඟිල්ලක සේවාවන් කරන්න වාසනාව ලැබී තිබෙනවා. එදා මෙදා තුර සිටි ආණ්ඩුකාරවරු, මහ ඇමැතිවරු ඇතුළු සැමගේ සේවාවන් මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා- අපේ රට පළාත් නවයක පැතිකඩක් ඔස්සේ පාලනය වෙනවා. එය ඒකීය වූ ශ්‍රී ලංකාවේ පළාත් සභාවන්. බොහෝ අවස්ථාවල නිලධාරීන්ටත් දේශපාලඥයන්ටත් වැරදීමකින් මධ්‍යම රජය යනුවෙන් පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. නමුත් මේ රටේ තිබෙන්නේ එක රජයක් පමණයි. පළාත් නවයක් තිබෙනවා. මධ්‍යම රජය යනුවෙන් සඳහන් කිරීම වැරැදියි. මේ ආණ්ඩුව ගොඩනඟන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු විශාල උත්සාහයක් දරනවා.
විවිධ බාධක ගැටලු ජයගනිමින් රට ඉදිරියට ගෙනයාමට දරණ උත්සාහය සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුතිය පිරිනමනවා.
ඉතිහාසය පිළිබඳ වෛරයෙන් වර්තමානයේ තීන්දු තීරණ ගතයුතු නැහැ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගතයුතු වෙනවා. බස්නාහිර පළාත් සභාව ශ්‍රී ලංකාවේ ප්‍රබලම පළාත් සභාව වෙනවා. රටේ ආර්ථික මර්මස්ථාන, පරිපාලන මධ්‍යස්ථාන, පාර්ලිමේන්තුව, ජනාධිපති කාර්යාලය ඇතුළු වැදගත් සියලු තැන් පිඑහිටා තිබෙන්නේ මේ පළාතේයි.
මේ පළාත් සභාවට ආදායම් ලැබිය යුතු මාර්ග කිසියම් ප්‍රමාණයකින් අවහිර වී තිබෙනවා. බස්නාහිර පළාතට සාමාන්‍යයෙන් සෙසු පළාත්වලින් දිනකට මිලියනයක් පමණ සේවය කරන්න පැමිණෙනවා. සංවර්ධනය නොවූ ඉඩම් රැසක් මේ පළාතේ තිබෙනවා. ඒවා බොහොමයක් මුඩු ඉඩම් බවට පත්ව තිබෙනවා. සදාචාර සම්පන්න සමාජයක් ගොඩනඟන්න අපිට අවශ්‍යයි. ඒ වගේම මත්ද්‍රව්‍ය, අපරාධ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා.
එල්ලුම් ගහ යළිත් වරක් රැගෙන ආයුතු බවට පසුගිය කාලයේ වැඩිදෙනා අතර කතාබහට ලක් වුණා. යහපත් ලෙස සාමජයේ ජීවත්වෙන පුද්ගලයන්ට ඇතැම් දරුණු පුද්ගලයන්ගෙන් විවිධ හිංසා, පීඩාවන් සිදුවෙනවා. එය සාධාරණ නැහැ. එවැනි පිරිස් සඳහා මරණ දඬුවම ලබාදිය යුතුයි.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ප්‍රබලයන් සඳහා මරණ දඬුවම ලබාදෙන්නට තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඇමැති මඩුල්ලට ස්තුතිය පිරිනමනවා. මත්ද්‍රව්‍ය, අපරාධ රැල්ල ඉතාම භයානක දෙයක්. මේවා කෙරෙහි අවධානය යොමු කරමින් සාධාරණ සමාජයක් ගොඩනඟන්න, හොඳ රටක් බවට අපේ රට පත්කරන්න බස්නාහිර පළාත් සභාවෙන් විශාල සේවාවක් ලබාදිය යුතු වෙනවා.
බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා- 1998 වසරේ මැයි මාසයේ පැවැති පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව බස්නාහිර පළාත් සභාව පිහිටුවා තිබෙනවා. වේල්ලවීදියේ පිහිටි කොළඹ කච්චේරියේ දී පළාත් සභාවේ කාර්යාල කිහිපයක් ඒ කාලයේ පවත්වාගෙන ගොස් තිබෙනවා. ඊට අමතරව අනෙකුත් කාර්යාල කොළඹ හා ඒ අවට කුලී පදනමින් ලබා ගත් ගොඩනැඟිලිවල පවත්වාගෙන ගොස් තිබෙනවා. පසු කලෙක ශ්‍රාවස්ති මන්දිරයේ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සහ අමාත්‍යාංශ කිහිපයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකරන්න පියවර ගත්තා. ඒ තුළ ශ්‍රවණාගාර පහුසකම ද තිබුණා. බස්නාහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමැතිවරුන් වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක, සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග මහත්ම මහත්මීන් මේ පළාත් සභාව සඳහාම වූ ගොඩනැඟිල්ලක් ඉදිකරන්න උත්සාහ කළත් යම් යම් හේතූන් මත ඒවා ව්‍යර්ථ වුණා.
පළාත් සභාව සඳහා අවශ්‍ය සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආදිය සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් කුලී පදනම මත ගොඩනැඟිලි ලබා ගන්න සිදුවුණා.
අද මේ ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීමත් සමඟ සියලු ආයතන එකම වහලක් යටට ගෙනඒමට හැකිව තිබෙනවා. ඒ නිසාම පළාතේ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදෙන්න පුළුවන්. වසර ගණනාවක් කුලී පදනමින් පවත්වාගෙන ආයතන, දෙපාර්තමේන්තු සියල්ල අද මේ ස්ථානයේ සිට සිය සේවාවන් ලබා දෙනවා.
මේ පළාත් සහභාව රජයට පමණක් දෙවැනියි. මේ ප්‍රදේශයේ ඉතා හොඳින් අලංකාර ලෙස මෙම ගොඩනැඟිල්ල නිර්මාණය කර තිබෙනවා. මේ පළාත් සභාවේ මන්ත්‍රීවරු 104ක් පමණ ඉන්නවා. 85,000ක් පමණ නිලධාරීන් ඉන්නවා. අපි සියලු දෙනාම එක්ව කටයුතු කරනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 2015 වසරේ දී බලයට පත්වීමත් සමඟ නව දේශපාල සංස්කෘතියක් බිහිකරන්න සමත්ව තිබෙනවා. ලිබරල්වාදයට වඩා යහපාලනය සමඟ අයහපත් පාලනයක් ද නිර්මාණය වෙනවා. නමුත් නැවත එය යහපාලනය කරා ගෙනයන්න පුළුවන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනතාව අතර විශ්වාසය දිනාගත් අයෙක්. තමන්ගේ බලතල අඩුකරගත් නායකයෙක්. මේ රට යහපාලනය කරාගෙනයන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට පුළුවන්. මේ රට ආර්ථික හා සමෘද්ධිය අතින් ශක්තිමත් රටක් බවට පත්කිරීමේ වගකීම යළිත් වරක් බාරගන්නා ලෙස එතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා අතින් සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක මහාචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, රාජ්‍ය භාෂා රාජ්‍ය ඇමැති ඒ.එච්.එම් ෆවුසි, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
dinamina.lk
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...