BREAKING NEWS
latest

728x90

468x60

Sunday, July 15, 2018

දූෂණ විරෝධී පළමු අධිකරණය ලබන සතියේ සිට ක්‍රියාත්මක කරනව - අජිත් පී පෙරේරා

දූෂණ විරෝධී අධිකරණ අංක 01 ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නීතිවිද්‍යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති දූෂණ විරෝධී අධිකරණ අංක 01 ගොඩනැගිල්ල ඊයේ (13) දිනයේ දී නාවික හමුදාව විසින් අධිකරණ අමාත්‍යංශයට භාරදුන් බව ද ඇමැතිවරයා හෙළි කළේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී රාජ්‍ය ඇමැතිවරයා යහපාලන ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ශක්තිමත්ව පියවර ගෙන ඇති බව ද පෙන්වා දුන්නේය.

එහි දී අදහස් දැක් වූ ඇමැතිවරයා,

දූෂණ වැළැක්වීම යන තේමාව යටතේ මේ ආණ්ඩුව බලයට පත්වුණා. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා අල්ලසට දූෂණයට තිත තබන්න. ඒ නිසයි විශාල කාලයක් ගතවෙලා හරි දුෂණ විරෝධී අධිකරණයක් ස්ථාපිත කිරීමට අපට හැකි වුණේ. මෙවැනි අධිකරණ තුනක් ස්ථාපිත කරනවා. එහි දිනපතාම නඩු අසා අවසන් කිරීමට අපි බලාපොරොත්තු ‍වෙනවා.

දැන් කතාවක් යනවා මේ රටේ අපරාධ රැල්ලක් තිබෙනවා කියා. මේවා අසත්‍ය ප්‍රචාරයි. මොකද පොලිස් වාර්තාවට අනුව මිනීමැරුම් 2010 වසරේ 741ක් සිදුව තිබෙනවා. එය 2015 දී 476ක් 2016 502ක් 2017 දී 452ක් බවට පත්වෙලා තිබෙනවා. මිනීමැරුම් විසඳුම් පොලිසිය විසින් ප්‍රතිශයක් වශයෙන් 2010 සියයට 86.7ක් තිබුණා. 2015 දී එය සියයට 90 ඉක්මවා ගොස් තිබෙනවා ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට. ස්ත්‍රී දූෂණ 2012 වසරේ දී 2212යි. 2015 දී එය 2033යි. 2016 එය 1996යි. 2017 දී එය 1732 දක්වා අඩුවී තිබෙනවා. ස්ත්‍රී දුෂණ විසඳීමේ ප්‍රතිශතය 2015 දී සියයට 95.2 දක්වා ඉහළ තැනක තිබෙනවා. එය 2017 දී සියයට 96.2 ක්වී තිබෙනවා. කොල්ලකෑම් පිළිබඳ වාර්තා ගත්තත් 2010 වසරේ දී 6240ක්ව තිබූ කොල්ලකෑම් 2015 4017 දක්වාත් එය 2017 වන විට 3366 දක්වාත් අඩුවී තිබෙනවා. කොල්ලකෑම් විසඳුම් ප්‍රතිශතය සියයට 70.2 දක්වා ඉහළ මට්ටමකට ගෙනවිත් තිබෙනවා.

මරණීය දණ්ඩනය පිළිබඳ මගේ පෞද්ගලික මතය අනුමත කරන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරයා හිතනවා නම් එය ක්‍රියාත්මක කිරීමට අප විරුද්ධත්වයක් නැහැ. ලෝකයේ දියුණු රටවල මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුව මරණීය දණ්ඩය ක්‍රියාත්මක කරනවා. නමුත් ඇතැම් ප්‍රාන්ත මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ජපානය වැනි රටවල් පවා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපේ රටේ මරණීය දඬුවම ක්‍රියාත්මක වීම ගැන අපි විරුද්ධ නැහැ.
« PREV
NEXT »