BREAKING NEWS
latest

728x90

468x60

Thursday, July 19, 2018

ට්‍රම්ප් - පුටින් පැවැත්වූ සාකච්ඡාවේදී පත්‍රිකාවක් පෙන්වූ වාර්තාකරු පිටතට යවයි

ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති පුටින් සහභාගි වුණු පුවත්පත් සාකච්ඡාවේදී ඔවුන්ගේ කතාබහ ආරම්භ කරන්නට මොහොතකට කලින් 'න්‍යෂ්ටික අවි තහනම් ගිවිසුම' යන වචන සටහන් වූ පත්‍රිකාවක් ඔවුන් දෙදෙනා ඉදිරියෙහි උහා දැක්වූ පුවත්පත් වාර්තාකරුවකු ආරක්‍ෂක නිලධාරීන් විසින් එම ස්ථානයෙන් පිටතට ඇදගෙන යන ලදී. එසේ ඇදගෙන යන්නට කලින්, සෑම් හුසේනි නමැති එම පුවත්පත් වාර්තාකරු එම පත්‍රිකාව ඔසොවා අල්ලාගෙන සිටි ආකාරය පුවත් සාකච්ඡාව පිළිබඳ වාර්තා සමඟ පළවුණු ඡායාරූපවල දැක්විණි.



ආරක්‍ෂක නිලධාරියකු එම පත්‍රිකාව වාර්තාකරුගෙන් උදුරා ගැනීමේ උත්සාහයක යෙදෙන ආකාරයද වාර්තාවල දැක්විණි. වාර්තාකරු පිටතට ගෙනයෑම සඳහා ආරක්‍ෂක නිලධාරියාට තවත් තුන්දෙනකුගේද සහාය ලැබුණු අතර ලෝක ජනමාධ්‍යකරුවෝ සිද්ධිය ඡායාරූප ගත කළහ. චිත්‍රපටගත කළහ.

ඇමෙරිකාවේ එක්සත් ජනපදයේ ඔත්තු සේවා නියෝජිතයකු හුසේනි සමඟ කතා කරන්නට පටන් ගත් නමුත් ආරක්‍ෂක නිලධාරීන් ඔහු පිටතට රැගෙන ගිය බව එක්සත් පුවත් සේවය වාර්තා කළේය. මෙම වාර්තාකරු ඇමෙරිකාවේ මාධ්‍යවේදීන් අතර අසුන් ගෙන සිටියදී තමා 'ද නේෂන්' නමැති ඇමෙරිකන් සඟරාවේ වාර්තාකරුවකු බව අනෙක් මාධ්‍යවේදීනට පවසා ඇත.

සෑම් හුසේනි 'ප්‍රකට නිරවද්‍යතාව නමැති ආයතනයේ සන්නිවේදන අධ්‍යක්‍ෂ බවත් ට්‍රම්ප් - පුටින් පුවත් සාකච්ඡාව වාර්තා කිරීමට ඔහුට අවසර දුන් බවත් 'ද නේෂන්' සඟරාව ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.

පරිපාලන අංශ නොයෙක් විට මාධ්‍යකරුවනට අපහාස වන අන්දමින් කටයුතු කරන බවත් මේ සිද්ධියෙන්ද තමන් බලවත් සේ කැලඹීමට පත් වුණු බවත් 'ද නේෂන්' සඟරාව සඳහන් කර ඇත.

« PREV
NEXT »