BREAKING NEWS
latest

728x90

468x60

Friday, July 20, 2018

ඌවෙ චාමර තවත් ඩියුටි ෆ්‍රී වාහනයක් ඉල්ලල

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හිමි තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස තේරී පත් වී මාසයක පමණ කාලයක් සිටි බැවින් තමාටද එම වරප්‍රසාදය හිමි බව පවසමින් මහ ඇමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත.
දැනට පළාත් සභා මහ ඇමැතිවරයකුට හිමි තීරුබදු රහිත වාහන බලපත්‍රය එම අමාත්‍යවරයා විසින් ලබාගෙන තිබේ.

කෙසේ වෙතත් තමන් විසින් කර ඇති ඉල්ලීම ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශ වෙත යොමු කර ඇති බවට තමන්ට දැනුම් දී ඇති බව අමාත්‍යවරයා කියා සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සඳහා ඇමෙරිකානු ඩොලර් 62,500ක් වටිනා වාහනයක් ගෙන්වීම සඳහා අවශ්‍ය බලපත්‍රයක් ලැබෙන අතර එම වටිනාකමට බලපත්‍රයක් පළාත් සභාවේ මහ ඇමැතිවරයකුටද හිමිවේ.
මේ සම්බන්ධව "ශ්‍රී ලංකා මිරර්" ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යංශයේ තොරතුරු අධ්‍යක්ෂ එම් . අලි හසන් මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව වසර දෙක හමාරකට පසුව අදාළ වාහන බලපත්‍ර ලබා දෙන බවත් ඒ සඳහා පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ යුතු බවත්ය. ඒ අනුව මුදල් අමාත්‍යංශයට මේ පිළිබඳව වගකීමක් නොමැති බව හෙතෙම කියා සිටී.
කෙසේ වෙතත් මහ ඇමැතිවරයා මෙම ඉල්ලීම කළද මෙවැනි පසුබිමක් තුළ හිමිවන්නේ එක් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් පමණක් බවද පැවසේ.

« PREV
NEXT »