BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, July 24, 2018

මොරගහකන්ද පමා කළ අය ආර්ථිකය ආපස්සට ඇද දැම්මා

වත්මන් යුගයේ පමණක් නොව රජ දවසින් පසුවත් මේ රටේ පොදුජන දුක නිවන යෝධ ව්‍යාපෘතිය මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය පමා කළ අය රටේ ජාතික ආර්ථිකය පසුපසට ඇද දැමීම ගැන වග කිව යුතු යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙරට මහා වාරි විස්මිතය ලෙස ඉතිහාසයට එක්වන මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයේ රන් දියවර රැස් කිරීමේ මහා මංගල්‍යය ඊයේ (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එම උත්සව සභාවට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.

ස්වයංපෝෂිත යුගයකට මඟ කියන දියවර ලකුණ අක්කර අඩි 660,000කක්න් යුතුය. රුපියල් කෝටි 23,000ක ආයෝජනයකින් ජාතික ආර්ථිකයට රන් බිජු වපුරන මොරගහකන්ද කළු ගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ කළුගඟ මහා ජලා‍ශ ව්‍යාපෘතියේ කළුගඟ ජලා‍ශයේ දියවර රැඳවුම් මංගල්‍යය සහ මොරගහක්ද කළුගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම, මොරගහකන්ද ජලාශය 'කුලසිංහ ජලාශය' නමින් නම් කිරීම, මොරගහකන්ද ජලාශයේ වේල්ලේ දකුණු කෙලවරේ ඉදිකළ බුදු පිළිම වහන්සේ නිරාවරණය, මොරගහකන්ද ජලාශයෙන් ජනනය කරන විදුලිබලය ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් සිදු කෙරිණි.

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියෙන් දුම්බර මිටියාවත අස්වද්දමින්, රජරට, කඳුරටට පමණක් නොව නැඟෙනහිර, වයඹ දිග වගාබිමින් දක්වා ද ජලය ගෙනයනු ඇත. එය කෘෂිකාර්මික කටයුතු, වාපි සංවර්ධනය, ජල විදුලිබල උත්පාදනය, පානීය ජල සම්පාදනය හා මිරිදිය ධීවර කර්මාන්තය, සංචාරක ක්ෂේත්‍රය, වන සංරක්ෂණය, ආහාර සුරක්ෂිතතාව, නගර නිර්මාණය ආදී විවිධ ක්ෂේත්‍ර පුබුදුවාලන යුගයේ මහා වාරි ප්‍රාතිහාර්යයකි. මෑත ඉතිහාසයේ ඉදිවන මහා ව්‍යාපෘතිය වන මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු අධීක්ෂණය හා මඟ පෙන්වීම මත වේගවත්ව ක්‍රියාවට නැංවිනි.

මෙරට වසර තිහකට පමණ පසු මහවැලි අධිකාරිය මගින් මෙගාවොට් විසි පහක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන මොරගහකන්ද ජල විදුලිබලාගාරය ජාතියට දායාද කෙරුනේද ජනාධිපතිවරයාගේ සුරතිනි.

පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල විශාල මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක නමයක ජනතාවට පිරිසුදු පානිය ජලය මෙන්ම වාරි ජලය ද ලබාදීමත් අලුත් ඉඩම් අක්කර ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් යල මහ දෙකන්නයම අස්වැදීම ද වැව් තුනදහසක් පමණ පෝෂණයවීම ද සිදුකෙරේ.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමිවූ සියලු දෙනාට පහසුකම් සහිත නව නිවාස ඉදිකිරීම ද විශේෂත්වයකි.

මහා සංඝරත්නය, අන්‍යාගමික පුජකවරුන්, විදෙස් තානාපතිවරුන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක, මැති අමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, පළාත්වාසීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

dinamina.lk
« PREV
NEXT »