BREAKING NEWS
latest

728x90

468x60

Sunday, July 22, 2018

1990 ගිලන් රථ සේවයේ දෙවැනි අදියර ඇරැඹේ

සුවසැරිය 1990 ගිලන්රථ සේවාව රටපුරා ව්‍යාප්ත කිරීමේ උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද මෙම උත්සව අවස්ථාව සඳහා චන්ද්‍රිකා තාක්ෂණය මගින් සම්බන්ධවී ගිලන්රථ සේවය විවෘත කිරීමට එක්වීම විශේෂත්වයක් විය.

1990 සුවසැරිය ගිලන්රථ සේවය දෙවන අදියර යටතේ මෙලෙස ඇරඹෙන්නේ ඉන්දීය රජයෙන් යළි නොගෙවිය යුතු ප‍්‍රදානයක් ලෙස ලැබුණු ඩොලර් මිලියන 15.02 ක පරිත්‍යාගයෙනි. ඒ අනුව සුවසැරිය ගිලන්රථ සේවය ගිලන්රථ 297 දක්වාත් ප‍්‍රාදේශිය කාර්ය මණ්ඩලය 1998 දක්වාත් ඉහල නැගෙනු ඇත.

සුවසැරිය පළමු අදියර යටතේ බස්නාහිර හා දකුණු පළාත් වල නොමිලේ සැපයන මෙම ගිලන්රථ සේවය ක‍්‍රියාත්මක කෙරුණු අතර දෙවන අදියර යටතේ සමස්ථ දිවයිනේම ක‍්‍රියාත්මක වීමට නියමිතය. ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ උත්සවයට සහභාගීවූ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතා එකම මොහොතේ සංඥාවක් නිකුත් කිරීමත් සම`ග ගිලන්රථ සේවයේ දෙවන අදියර නිලවශයෙන් ආරම්භ කෙරිණි.

සුවසැරිය දෙවන අදියර ආරම්භක උත්සවය සදහා ගිලන්රථ සේවයේ නිර්මාතෘවරයා වන ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා , උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් , ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මාවේ සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන්, එස්. ශ‍්‍රීදරන් , විජයකලා මහේෂ්වරන් මහත්ම මහත්මීහුද ඇතු`ඵ විශාල පිරිසක් සහභාගීවූහ.
« PREV
NEXT »