BREAKING NEWS
latest

728x90

468x60

Friday, February 08, 2019

සම්පත් බැංකු‌වේ බැංකු ලොක්කන්ගෙන් CID ය ප්‍රශ්න කරයි

සම්පත් බැංකුව තුල සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම බැංකුවේ මෙහෙයුම් කළමනාකරුගෙන් ඇතුළු පිරිසකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසිය කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත අද (07) දන්වා සිටියේය.


සම්පත් බැංකුවේ ගිණුම් හිමියන්ගේ අනුදැනුමින් තොරව රුපියල් කෝටි අටකට අධික මුදලක් විශ්වාසය කඩකර සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පුළුල් පරීක්ෂනයේ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරමින් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ටී.එන්. වීරසිංහ මහතා මේ බව දන්වා සිටියේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව දැනට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සම්පත් බැංකුවේ කළමනාකරුවෙකු බව කියන මනෝජ් කුමාර රොද්‍රිගු සහ මහේන්ද්‍ර විජයරත්න යන සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අංගොඩ හිඹුටාන පාරේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු බව කියන කැලුම් හර්ෂ, කැලුම් වීරසිංහ යන අය 2018 ඔක්තෝබර් 18 වන දින කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවන් රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළේය.

අධිකරණ වාර්තාකරු

SLT
« PREV
NEXT »