BREAKING NEWS
latest

728x90

468x60

Advertisements

Showing posts with label Janaka Bandara Tennakoon. Show all posts
Showing posts with label Janaka Bandara Tennakoon. Show all posts

Thursday, February 08, 2018

කවිකාර තාත්තාගේ කඳුළු විකුණන ජනක පුතාගේ ඉඩම් කතාව

හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි ද්විත්ව මිනීමැරුම් නඩුව මේ මාසයේදී මහනුවර මහාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව ඇත. මේ කතාව ඒ නඩුව ගැන නොවේ. ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ යටගිය තවත් එක් වීර ක්‍රියාවක් ගැනය.

ජනක බණ්ඩාර තෙන්නකෝන් තම පියා ගැන කඳුළු හෙළමින් තම ජීවිත කතාව ආලවට්ටම් දමා කීමට බොහෝ ප්‍රිය කරන තැනැත්තෙකි. තම පියා මහනුවර බස් නැවතුමේ කවි කොළ කියවූ ආකාරය කඳුළු පෙරමින් කීමට ජනක කැමතිය. ජනකගේ පියා සැබැවින්ම නිහතමානී සරල දේශපාලනඥයකු වූ බව ඇත්තය. එහෙත් ජනක නම් පුතා එකී නිහතමානී සරල දේශපාලනඥයාට තම චරිතයෙන් ඉටු කර ඇත්තේ කවර නම් සාධාරණයක්ද ?

ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලට පිවිසෙන්නේ 1980 ගණන් වල අග භාගයේදීය. ඒ මහනුවර දෙයියන්නේවෙල ප්‍රදේශයේ සිටය. දෙයියන්නේවෙල ප්‍රදේශයට වැදී ඇත්තේ කවරාකාරයක හංවඩුවක්දැයි මහනුවර පළාත දන්නෝ දන්නවා ඇත. ජනකගේ ත්‍රාසජනක කොටස් ඔහුට දෙයියන්නේවෙලින් උරුම වූ ඒවායැයි අප නොකීවාට කියනා අයත් ඇත. කෙසේවෙතත් දෙයියන්නේවෙලින් දඹුල්ලට යන ගමනේදී ජනකට අද තිබෙන සැප සම්පත් තිබුණේ නැත. කොටින් ම අතේ සතේ නොතිබුණු ජනකට එදා දඹුල්ලේ ඉන්න හිටින්න තැනක් තිබුණේ ද මැත.

Tuesday, November 28, 2017

'මෛත්‍රී සමග හවුලකට අපි විරුද්දයි' - ජනක බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එකාබද්ධ විපක්ෂය එකට එක්වීමට තමන් විරුද්ධ යැයි හිටපු අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටියි.
තමන් පක්ෂයේ ආසන සංවිධායක කමින් බල්ලෙක් එලවන ආකාරයෙන් එලවා ඇති බවත් එවැනි තත්ත්වයක් මත එකට එක්වී කටයුතු කල නොහැකි බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේය.
නාඋල දි පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රීක් අපේක්ෂකයින් තොරාගැනීම සදහා පැවති සම්මුඛ පරික්ෂණයට එක්වෙමින් ජනත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම අදහස් පලකළේය.