BREAKING NEWS
latest

728x90

468x60

Monday, August 21, 2017

සයිටම් එකට තවත් වෛද්‍ය සිසුන් 300ක්‌ ගන්නවා

සයිටම් වෛද්‍ය ආයතනයට එරෙහිව කවුරු මොනවා කිව්වත් තවත් සිසුන් තුන්සිය දෙනකු (300) ඔක්‌තෝබර් මාසයේදී ආයතනයට බඳවා ගන්නා බව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (20 දා)  කියා සිටියේය.


ශ්‍රී ලංකාවෙන් සිසුන් 200 ක්‌ සහ විදේශයෙන් 100 ක්‌ සයිටම් ආයතනයට බඳවා ගැනීමට දැනටමත් කටයුතු යොදා ඇතැයි පැවසූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඇතැම් ඇමැතිවරු කකුල් දෙක දෙපැත්තේ දමාගෙන රජය විවේචනය කරන බවත්, එම ඇමැතිවරුන් රජයෙන් පන්නා දමන ලෙස ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.



මෙවැනි දෙපිටකාට්‌ටු ඇමැතිවරුන් තවදුරටත් රජයේ තබා ගැනීම අනතුරුදායක බව ද හෙතෙම පැවසීය.
« PREV
NEXT »