BREAKING NEWS
latest

728x90

468x60

Thursday, August 10, 2017

පානීය නොවන ස්ප්‍රීතු ආනයනයේ දී රුපියල් 50,000ක බලපත්‍ර ගාස්තුවක්

ඊට අමතරව මෙතනෝල් ස්ප්‍රීතු ලීටර් එකක් සඳහා රුපියල් 25ක නව බද්දක් පැනවීමටත් එය වහාම ක්‍රියාත්මක වන පරිදි අය කිරීමටත් රජය තීරණය කොට තිබේ.

අගෝස්තු 01 දින සිට ක්‍රියාත්මක වන මේ නව බදු පැනවීම සම්බන්ධයෙන් අංක 2029/50 සහ 28.07.2017 දිනැති ගැසට් පත්‍රය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් 2017.07.28 දින නිකුත් කර ඇත.

මේ නව රෙගුලාසියට මින් පසු පානීය නොවන ස්ප්‍රීතු කිසිම තැනැත්තකු විසින් ආනයනය කිරීම, අපනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, සන්තකයේ තබාගැනීම, ගබඩා කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් බලපත්‍රයක් ලබාගත යුතු වේ.

මෙතෙක් එතනෝල් ආනයනය පමණක් මත්පැන් ලෙස සලකා බලපත්‍ර ගාස්තුවට යටත් කළ නමුදු රසායනික නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන පානීය නොවන මෙතනෝල් ස්ප්‍රීතු ආනයනය සුරා බලපත්‍ර ගාස්තුවලින් හා සුරාබදුවලින් නිදහස් කර තිබුණි.

මෙසේ බලපත්‍ර ගාස්තුවලින් තොර මෙතනෝල් ආනයනය කිරීම සඳහා ලබාදී ඇති අවස්ථාව වැරදි ලෙස භාවිත කරමින් නීත්‍යානුකූල නොවන අයුරින් මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා එතනෝල් ආනයනය කරන අවස්ථා පිළිබඳව වාර්තා වූ හෙයින් මෙසේ පානීය නොවන ස්ප්‍රීතු ආනයනයද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සුරාබදු පනතට යටත් කර, බලපත්‍ර ගාස්තුවක්ද සමඟ තොග ලීටර් 01ක් සඳහා රු.25ක ආනයනික සුරා බද්දක් පනවා තිබේ.

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා ප්‍රවාහනයට එරෙහි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෑත කාලයේදී කරන ලද වැටලීම් හේතුවෙන් එම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පාලනය නව රෙගුලාසි අනුව 2017 අගෝස්තු 01 දින සිට පානීය නොවන ස්ප්‍රීතු නිෂ්පාදනය, ගබඩා කිරීම හා තොග වශයෙන් අලෙවිය සඳහා රු.50,000ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවකටද එම ස්ප්‍රීතු ආනයනය, ගබඩා කිරීම හා ‍ෙතාග වශයෙන් අලෙවි කිරීම සඳහා රු.50,000ක බලපත්‍ර ගාස්තුවකට යටත් කර තිබේ.

එම ස්ප්‍රීතු අපනයනය සඳහා වන වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු.10,000ක් වන අතර, සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව රු.5000ක් වේ.
« PREV
NEXT »