BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 30, 2017

කවුරු ගියත් 2020 වන තෙක් සම්මුතිවාදී ආණ්ඩුව කරනවා - ජනපති

66 වසරක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටත් ජනතාවත් වෙනුවෙන් ඉටුකරනු ලැබූවේ ඓතිහාසික කාර්යභාරයක් බව සිහිපත් කරන ජනාධිපතිතුමා මෙම සැප්තැම්බර් 03 වනදාට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමානවත් 66 වන සංවත්සරය සමරන්නේ දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සදහා සාමුහිකත්වයෙන් ගොඩනැගිය යුතු පුථල් දේශපාලන වැඩපිළිවෙළක පණිවිඩය රටට ලබාදෙමින් බව කියා සිටියේය.

සම්මුතිවාදී ආණ්ඩුව 2020 වන තෙක් පවත්වාගෙන යෑමට තමාට ශක්තිය ඇති බවට විශ්වාස කරන බවත් එසේ නොහැකි බව පවසන්නේ නම් එය කුමන්ත්‍රණයකින් පමණක් සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරමින් පවසා ඇත.


ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේ අද (30) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුව අමතමිනි.
රටක් ලෙස මුහුණදීමට සිදුවූ බොහෝ අභියෝග ජයග්‍රහණය කරමින් රට ඇදවැටීමට තිබූ ඛේදජනක තත්ත්වයෙන් රටත්, ජනතාවත් ගලවා ගැනීමට හැකිවූයේ, සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන්මග නිසා බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා රටත්, ජනතාවත් වෙනුවෙන් වූ යුග මෙහෙවර ඉටුකිරීමට සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන්මග ශක්තිමත් කිරීමට කැපවන අතරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පිරිසිදු මෙන්ම ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනැගීමට තමා කැපවී සිටින බව කියා සිටියේය.

අද රට ගොඩනැගීමට අවශ්‍යවන්නේ වංචාවෙන්, දූෂණයෙන් සහ අක්‍රමිකතාවයෙන් තොරව කටයුතු කරන පිරිසිදු දේශපාලනඥයින් සිටින, පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පටු දේශපාලන න්‍යායපත්‍රවලින් බැහැරව රට අංක එකට තබා රට වෙනුවෙන් වූ වගකීම් ඉටුකිරීමට සියලූ දේශපාලනඥයින් එක් විය යුතු බව ද අවධාරණය කළේය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂයේ කටයුතු ඉදිරියට කරගෙන යාමේදීත්, රටේ නායකයා ලෙස ආණ්ඩුවේ කටයුතු ඉදිරියට කරගෙන යාමේදීත් තමන්ට මුහුණදීමට සිදුව ඇත්තේ එදා රට තුළ සමාජ පරිවර්තනයකට කැපවූ නායකයෙකු වූ ශී්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක ශී්‍රමතාණන් මුහුණදුන් ආකාරයේ ගැටලූවලටම බව පැවසූ ජනාධිපතිතුමා අතීත නායකයින් රටටත්, පක්ෂයටත් ලබාදුන් නායකයත්වය මෙන්ම ඔවුන් ප්‍රශ්න විස`දාගැනීමට කටයුතු කළ ආකාරය අධ්‍යයනය කරමින් සිය දේශපාලන වැඩපිළිවෙළ ඉදිරියට කි්‍රයාත්මක කරන බව ද ප්‍රකාශ කළේය.

අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )
« PREV
NEXT »