BREAKING NEWS
latest

728x90

468x60

Friday, August 11, 2017

හවුල් ආණ්ඩුව තීරණාත්මක තැනක - සෙමා සභාපති

හවුල් ආණ්ඩුව තීරණාත්මක තැනකට ඇවිත් ඇතැයි උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ (සෙමා) සභාපති අශෝක අබේගුණවර්ධන මහතා කියයි.

හවුල් ආණ්ඩුව ඇතිකර වසර දෙකක් පමණ ගොස් ඇති බවත්, එසේම ජනාධිපතිවරයා පත්වී මේවන විට වසර දෙකහමාරක් පමණ ගොස් ඇති බවත් දැන් හැමෝගේම මාතෘකාව මේ තත්ත්වයෙන් පසු තත්ත්වය ගැන බව යයිද ඔහු කීය.

සිරස නාලිකාවේ පැතිකඩ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ජනතාව ලබාදී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යයිද හෙතෙම අනාවරණය කළේය.

ඒ ඉකුත් මහ මැතිවරණයෙන් එජාපයට හෝ ශ්‍රීලනිපයට බහුතර බලයක් හිමි නොවුණ බවත්, ඔවුන් ආණ්ඩු හැදුවේ හවුල්වී බැවින් එසේ බහුතර ජන බලයක් ලබාසිටින එකම තැනැත්තා සිරිසේන මහතා බවත් ඔහු කියා සිටියේය.

කෙසේවුවද, අවබෝධතා ගිවිසුමක් මත හවුල්ව ආණ්ඩු හැදූ එජාපය හෝ ශ්‍රීලනිපය එකඟවූ කාරණා පවා මෙතෙක් ඉටු කිරීමට අපොහොසත්ව ඇති බවද හෙතෙම පෙන්වාදුන්නේය.

« PREV
NEXT »