BREAKING NEWS
latest

728x90

468x60

Saturday, August 12, 2017

ඇමති විජේදාසට ඇපත් නැතිවන ලකුණු

අධිකරණ හා බෞද්ධ කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ. 

හම්බන්තොට වරාය ගිවිසුමට අදාළ කැබිනට් තීන්දු විවේචනය කරමින් කැබිනට් මණ්ඩල සාමුහිකත්ව කඩකිරීම, ඔහුගේ අමත්‍යංශය යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව විසින් රාජපක්ෂවරුන්ට එරෙහි නඩු කටයුතු පමා කිරීම, බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විභාගකරන නීතිපති දෙපාර්තමේන්තුවේ දප්පුල ලිවේරා වැනි ජ්‍යෙෂ්ඨ නීතිඥයින් ලවා රවී කරුණානායක වැනි රජයේ ජ්‍යේෂඨ ඇමතිවරුන් අපහසුතවයට පත් කිරීම, මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයකුට අපහාස කිරීම ඇමති විජේදාස රාජපක්ෂ මහතාට එල්ලවී ඇති චෝදනා වලින් කිහිපයකි.



රවී කරුනානායක ඉවත් කිරීම:

ඊයේ (10) පස්වරුවේ රවී කරුණානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විමෙන් පසු, පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ කාර්යාල කාමරයට ගිය රාජිත සේනාරත්න අමාත්‍යවරයාත්, සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාත් 
රවී කරුණානායක මහතාට ඉවත්වන තැනට කටයුතු සැලස්වුයේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් බවට චෝදනා කර ඇත.

අනතුරුව එම කාමරයට පැමිණි හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, අශෝක ප්‍රියන්ත, ශාන්ත අබේසේකර, චන්දීප සමරසිංහ, චමින්ද විජේසිංහ, කවීන්ග ජයවර්ධන යන එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් හා තුසිතා විජේමාන්න මන්ත්‍රීවරිය ද විජේදාස රාජපක්ෂ මහතා විවේචනය කරමින්, වහාම ඔහුව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි අගමැතිවරයා ගෙන් ඉල්ලිමක් කර තිබේ.

මෙම මන්ත්‍රී කාණ්ඩායම විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමේ ස්ථාවර තිරණයක සිටින්නේ නම්, ඔහුව ඉවත් කිරීමේ සටනට නායකත්වය දීමට තමා සුදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී සඳහන් කර තිබේ.

ඇමතිකම එජාප කොටාවෙන් :

විජේදාස රාජපක්ෂ මහතා පසුගිය මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු, ජනාධිපතිවරයා විසින් ඇමති ධුරයට පත්කරනු ලැබුවේ එජාපයට හිමි අමාත්‍ය කෝටාව යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මතය.

ඒ අනුවම, ඔහුව ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ දී ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කරනු ඇතැයි එජාප පසුපෙළ මන්ත්‍රීවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

විජේදාසගේ කියලු දේ :

මෙම කාරණය සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එවැනි ඉල්ලීමක් කල බව තමන්ට ද වාර්තා වී ඇති බවයි.

''තීරණයක් ගන්න අය‍ට ඕන තීරණයක් ගන්න බලය තියනවා.'' යයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසිය.

ගෙනා පණතත් ඉවත් කරයි:

මේ අතර, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පණත් කෙටුම්පතක් සහ ගැසට් නිවේදනයක් අද (11) සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉවත් කර ගෙන තිබේ.

අද පාර්ලිමේන්තුවේදී මෙලෙස න්‍යාය පත්‍රයෙන් ඉවත්කර ගැනුණේ අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධි විධාන කෙටුම්පතක් සහ අධිකරණ සංවිධාන පණතේ නියෝගයක්ය.

ප්‍රධාන කටයුතු ආරම්භයෙදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙය ඉවත් කරගන්නා බව දැනුම් දුන්නේය.

SLM
« PREV
NEXT »