BREAKING NEWS
latest

728x90

468x60

Thursday, August 31, 2017

පුලුවන්නම් රාජිතව අයින් කරන්න! – තලතාගෙන් ඒකාබද්ධ විපක්ෂයට අභියෝගයක්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ගෙන විශ්වාසභංගය හැකි නම් ජයග්‍රහණය කර පෙන්වන්නැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කියා සිටිනවා.

එතුමිය මේ අදහස් ප්‍රකාශ කර සිටියේ කල්මුණේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හසන් අලී මහතා විසින් සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමින් .

බෙහෙත් වල මිල 90% කින් අඩුකර අක්ෂි කාච සඳහා , අඩුම මිලක් නියම කළ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ගෙන එන විශ්වාසභංගය දිනලා පෙන්වන්න යැයි අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කර සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය කියා සිටියේ අවුරුදු 10කට ආසන්න කාලයක් රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් වැය කලේ රජ පවුල නඩත්තු කිරීමට බවයි. හිටපු ජනාධිපතිවරයා තම දරුවන්ට සැප පහසුකම් දෙන්න මේ රටේ මිනිසුන්ව ණයකාරයන් කළ බවත් අමාත්‍යවරිය කියා සිටියා.
« PREV
NEXT »