BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 09, 2017

රවිට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නවාද නැද්ද? තීන්දුව හෙට

විදේශ කටයුතු ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව භාරදී තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ නීතිපති මතය විමසා එය විවාදයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව හෙට (10 දා) දැනුම් දෙන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (8 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නීති ප්‍රශ්නයක්‌ පවතින බවට ඊයේ පැවැති පක්‌ෂ නායක රැස්‌වීමේදී ප්‍රකාශවීම නිසා ඒ සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ මතය විමසා ඇති බවද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. විමල් වීරවංශ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව කීවේය.

කොමිෂන් සභා පනත අනුව බැඳුම්කර කොමිසමත් අධිකරණයකට සමාන බැවින් අධිකරණයක්‌ ඉදිරියේ විභාග වන කාරණයක්‌ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ නොහැකි බව එක්‌සත් ජාතික පක්‌ෂයේ පක්‌ෂ නායක රැස්‌වීමේදී ගැටලුවක්‌ මතු කර ඇත.

විමල් වීරවංශ මහතා - විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න බාධාවක්‌ නැහැ. 

කථානායක - ඒක අධිකරණ කටයුත්තක්‌.

විමල් විරවංශ මහතා - නීතිමය බාධාවක්‌ කොහොමද එන්නේ මේක කොමිසමක්‌. ආණ්‌ඩුව මේක මගහරින්නද මේ උත්සාහ කරන්නේ.

කථානායක - නැහැ නැහැ මේක ගන්නවා. පක්‌ෂ නායක රැස්‌වීමේදී තමයි මේ ප්‍රශ්නය මතුවුණේa.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - විදේශ ඇමතිට එක්‌සත් ජාතින්ගේ මුලස්‌ථානය ඉදිරියට ගිහිල්ලා නිදා ගන්න කියලාද කියන්නේ. ඒකාබද්ධ විපක්‌ෂය විශ්වාසභංග යෝජනාවක්‌ ගෙනාවා කියලා මම දැක්‌කෙත් පත්තරෙන්. කොහොම වුණත් මේ ගැන කථානායකතුමා තීරණයක්‌ දීලා තියෙනවා. ඒ අනුව කටයුතු කළ යුතුයි. කවුරුත් විරුද්ධ නැහැ මේක ගන්නවාට... ආණ්‌ඩුව විනිවිදභාවයකින් කටයුතු කරන්නේ.

කථානායක - බ්‍රහස්‌පතින්දාට මම මේ ගැන තීන්දුවක්‌ දෙනවා....

විමල් වීරවංශ මහතා - කථානායකතුමනි... අගමැතිතුමාට කියන්න මේක අංගොඩ රෝහල නොවෙයි පාර්ලිමේන්තුව කියලා.

කථානායක - හා ... හා

උදය ගම්මන්පිල මහතා - නීතිමය ප්‍රශ්නයක්‌ මෙතනට අදාළ වෙන්නේ නැහැ. කොමිසමේ කතා කරන දේට පරිබාහිර කාරණයක්‌ තමයි විශ්වාසභංගයට ඉදිරිපත් කරලා තියෙන්නේ.

විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා - විශ්වාසභංගය විවාදයට ගැනීමට නීති ප්‍රශ්නයක්‌ තියෙනවාද නැද්ද කියලා කතා කරන්න කලින් මේක න්‍යාය පුස්‌තකයට එන්න ඕනේ. කථානායකතුමා තවම මෙය න්‍යාය පත්‍රයට දාලා නැහැ.

කථානායක - පක්‌ෂ නායක රැස්‌වීමේදී නීති ප්‍රශ්නයක්‌ ආවා ඒ අනුව තමයි මේ තීන්දුව ගත්තේ.

විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක - න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළ එකක්‌ ගැන නීතිපති උපදෙස්‌ ගන්නේ කොහොමද... මෙය න්‍යාය පත්‍රයට දැමිය යුතුයි. න්‍යාය පත්‍රයේ ඇතුළත් නැති කරුණක්‌ ගැන නීතිපතිගෙන් විමසනවා. 

කථානායක - මම බ්‍රහස්‌පතින්දා ඇතුළත් කරන්නම්.

විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක - ඇයි එතරම් ප්‍රමාද කරන්නේ?

කථානායක - නීතිපති උපදෙස්‌ ඕනෑ.

විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක - ඒකට මොකටද නීතිපති උපදෙස්‌.

අගමැති - අද පක්‌ෂ නායක රැස්‌වීමේදී කතා කරන්න තිබුණේ පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරීම ගැනයි. නමුත් විදේශ ඇමතිගේ විශ්වාසභංගය ගැනත් කතා වෙලා තියෙනවා. කථානායකතුමාට ඕන වෙලාවක තීරණයක්‌ ගන්න පුළුවන්. ඒ දෙන ඕනෑම තීන්දුවක්‌ පිළිගන්නවා.


අජිත් අලහකෝන් කුෂාන් සුබසිංහ
දිවයින

« PREV
NEXT »